Home » නිකවැරටිය පොදු වෙළෙඳපොළ අබලන්

නිකවැරටිය පොදු වෙළෙඳපොළ අබලන්

by sachintha
May 7, 2025 1:11 am 0 comment

නිකවැරටිය නගර මධ්‍යයේ පිහිටි, නිකවැරටිය පොදු වෙ‍ෙළඳපොළ දැඩි ලෙස අබලන් වීමෙන්, පාරිභෝගික ජනයා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ජනතාව පවසති.

දෛනිකව විශාල ජනතාවක් නිකවැරටිය නගරයට පැමිණෙන අතර, ඉන් බොහෝ පිරිසක් එළවළු, පලතුරු, මස්, මාළු කරවල, බුලත්, පුවක්, රස කැවිලි වර්ග ඇතුළු බොහෝ දෑ ලබාගැනීමට පොදු වෙ‍ෙළඳපොළට පැමිණෙන විශාල පාරිභෝගික ජනතාවක් අපහසුතාවට ලක්වන බව ද ජනතාව පවසති.

පැරණි ගොඩනැඟිල්ලක ඇති පොදු වෙ‍ෙළඳපොළෙහි වැසිකිළි පද්ධතිය ද අබලන් වී ඇති අතර, කලින් කලට වැසිකිළි වළවල් උතුරා යාම හේතුවෙන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගික ජනයා ද දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව කියති.

පලතුරු අ‍ෙලවිය සඳහා ලබා දී ඇති පෙට්ටි කඩ කිහිපය හැර අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සියල්ලම පාහේ අබලන් තත්ත්වයේ පවතින බව ද, පොදු වෙ‍ෙළඳපොළ ඉතා ඉක්මනින් නවීකරණය කළයුතු බව ද ජනතාව බලධාරීන්ට අවධාරණය කර සිටිති.

පොදු වෙ‍ෙළඳපොළ ව්‍යාපාරික ප්‍රජාව නිසි පරිදි අදාළ කුලී ගෙවීම් සිදු කළද ඔවුනට නිසි පහසුකම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව ද, නිකවැරටිය පොදු වෙ‍ෙළඳපොළ ඉතා ඉක්මනින් සංවර්ධනය කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ප්‍රියානි මංගලිකා

නිකවැරටිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT