26
ගම්පහ – ජාඇළ 201 ප්‍රධාන මාර්ගයේ ගම්පහ බස් නැවතුම්පොළ අසල ඇළ මාර්ගය හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබේ.
පසුගිය කාලවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් එහි පාදමට යොදා ඇති කණුවල කොන්ක්‍රීට් ස්තර ගැලවී ගොස් කම්බි මතුව තිබේ, යම් අනතුරක් වීමට පෙර මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
රුවන් සමන්ත අධිකාරි
යක්කල