Home » කාලයේ වැලිතලාවෙන් වැසුණු කොළොන්නාවේ කසළ කන්ද

කාලයේ වැලිතලාවෙන් වැසුණු කොළොන්නාවේ කසළ කන්ද

by sachintha
May 7, 2025 1:13 am 0 comment

මිනිස් ජීවිත 32ක් බිලි ගනිමින් ඒ අසල තිබූ නිවාස 11ක් මතට කඩා වැටී මහා ඛේදවාචකයක් සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නාය ගොස් දැනට වසර 8ක් ගතවී තිබුණත් එහි වගකිවයුත්තන් වන නාගරික සංවර්ධන අමාත්‍යාංශය හෝ වෙනත් කිසිදු බලධාරියකුගේ ඇස එදෙස නොගැටීම හේතුවෙන් එම කසළ කන්ද කැලෑවට ගොස් අද පවතින අයුරු හා එකල නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවති රුපියල් කෝටි ගණනක් වැයකර ඉදිකරන ලද කොළොන්නාව නගර සභාවෙන් පාලනයවූ කසළ ප්‍රතිචක්‍රිකරණ වැඩසටහනට යොදා ගත් ගොඩනැඟිල්ල කිසිදු යන්ත්‍ර සූත්‍රයකින් තොරව අද එම නගර සභාවේම දෛනික වැඩ නිම කිරීමෙන් පසුව ආපසු රැගෙන එන වාහන නතර කොට තිබෙන ගරාජයක් බවට පත්ව තිබේ.

අක්කර 17ක් වූ මෙම භූමිය කලක් කොළඔ නගරයේ ආකර්ෂණීය වනෝද්‍යානයක් බවට පත් කරන බවට ඉහළ මට්ටමේ කතාබහක් පැවති බවද, එහෙත් මේ වනවිට මෙම ස්ථානය මෙසේ කැලෑ වදිමින් පැවතීම සම්බන්ධව සොයා බැලීම රජයේ මෙන්ම අදාළ බලධාරීන්ගේ ද වගකීමක් බව ප්‍රදේශවාසීහු කියති.

ඒ. සුමනසේන

කොළොන්නාව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT