දකුණු ආසියාවේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය මැඬ පැවැත්වීමට උපරිම සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉහළ ගිය දෙරට අතර අර්බුදයට හමුදා ක්‍රියාමාර්ගයෙන් විසඳුමක් නොලැබෙන බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදුවූ කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරය පිළිගත නොහැකි සිදුවීමක් බව සඳහන් කර ඇති මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි කාර්යභාරයට ලබාදෙන සහයෝගයට ඉන්දියාවේ සහ පාකිස්තානයේ රජයට සිය කෘතඥතාව පුද කරන බවද අන්තෝනියෝ ගුටාරෙස් සඳහන් කළ බව වාර්තා වේ.
ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පාකිස්තාන නියෝජිතයන්ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවූ අවස්ථාවේදී බව වාර්තා වේ.