Home » ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ 12 වැනි දිනයටත් අඛණ්ඩව වෙඩි හුවමාරු

ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ 12 වැනි දිනයටත් අඛණ්ඩව වෙඩි හුවමාරු

by sachintha
May 7, 2025 1:56 am 0 comment

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරය මුල්කරමින් ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමාව ආසන්නයේ අඛණ්ඩව 12 වැනි දිනයටත් වෙඩි හුවමාරුව සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්මු කාශ්මීරයේ කුප්වාරා, බරමුල්ලා සහ පූනච් දිස්ත්‍රික්ක ආසන්නයේ දේශසීමාව ඊයේ රාත්‍රියේදීත් දෙරටේ දේශසීමා ආරක්ෂකයන්ගේ වෙඩි හුවමාරුව පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දේශසීමා ආරක්ෂකයන් අතර සිදුවන සුළු අවි වෙඩි හුවමාරුව දෙරට අතර අවදානමකට ලක්වී ඇති යුද තත්ත්වය තවදුරටත් වර්ධනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දේශසීමා ත්‍රස්තවාදයට සහාය වීම අත්හිටුවනතුරු සියලු ආකාරයේ සබඳතා අවහිර කිරීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් පාකිස්තානයට මෙන්ම ඉන්දියාවට ද බලපෑම් එල්ල වී ඇතැයි ද, ගුවන් සීමාව වසා දැමීම ඇතුළු පියවර රැසක් ගැනීම හේතුවෙන් ඉන්දීය ගුවන් සමාගම්වලට මෙන්ම පාකිස්තාන ගුවන් සමාගම්වලට ද දෛනික ආර්ථික පාඩු විඳ ගැනීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

දේශසීමා අතර වෙඩි හුවමාරුව මධ්‍යයේ ඉන්දීය ආරක්ෂක හමුදාව ත්‍රස්ත මෙහෙයුම් ද අඛණ්ඩව සිදු කරන බවත්, කාශ්මීරයේ වනාන්තර ආශ්‍රිත කලාප ඇතුළු විවිධ ප්‍රදේශවල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT