Home » ස්වේච්ඡාවෙන් රටින් පිටවන සංක්‍රමණිකයන්ට ඩොලර් දහසක දීමනාවක්

ස්වේච්ඡාවෙන් රටින් පිටවන සංක්‍රමණිකයන්ට ඩොලර් දහසක දීමනාවක්

-ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

by sachintha
May 7, 2025 1:58 am 0 comment

ස්වේච්ඡාවෙන් රටින් පිටවීමට ඉදිරිපත්වන අනවසර සංක්‍රමණිකයන්ට ඩොලර් දහසක මුදලක් පිරිනැමීමට අමෙරිකානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එවැනි සංක්‍රමණිකයන්ට නැවත සිය උපන් රට වෙත යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට ද අමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අනවසර සංක්‍රමණිකයන්ට රටින් පිටවීම සඳහා දිරිගැන්වීමක් ලෙස ඩොලර් දහසක් පිරිනැමීමට තීරණය කර ඇත්තේ ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවකට අනුව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ සඳහා අමෙරිකානු රජය අන්තර්ජාලයේ නව යෙදවුම් මෘදුකාංගයක් ද හඳුන්වා දී ඇති අතර, නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ රැඳී සිටින පුද්ගලයන්ට වඩාත්ම පහසු, ආරක්ෂාකාරී හා ලාභදායි විසඳුම වන්නේ ස්වේච්ඡාවෙන් රටින් පිටවීම බව එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයැම් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එය රජයට ද ලාභදායි පියවරක් බව ඔහු සඳහන් කර තිබේ. එරට ස්වදේශී ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ රටින් පිටුවහල් කිරීම සඳහා මේ වනවිට අමෙරිකානු රජය එක් පුද්ගලයකු වෙනුවෙන් ඩොලර් 17,000ක් වැය කරන බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT