ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා රැසකට ද එක්විය.
මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද එක් වූ අතර දේපළ වෙෙළඳාම් සහ සංචාරක ක්ෂේත්රයන්හි ප්රමුඛ ආයෝජකයන් වන වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවති සාකච්ඡාවට උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහභාගි වූහ.
වියට්නාමයේ ආකර්ෂණීය උද්‍යාන සංවර්ධනයේ ප්‍රමුඛතම ආයතනයක් වන සන් ගෲප් (Sun group) සමූහය සමඟ පැවති සාකච්ඡාව එම සමූහයේ සභාපති ඩංග් මිං ට්රූඕං (Dang Minh Truong) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියකු වන එෆ්.පී.ටී. සංස්ථාව (FPT Corporation) සමඟ පැවති සාකච්ඡාවට සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි නුයෙන් වෑන් කොආ (Nguyen Van Khoa) මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Vietjet Air හි ප්‍රධාන විධායක නිලධාරි ඩින් වියට් ෆුන් ( Dinh Viet Phuong) මහතාගේ සහභාගිත්වයෙන් සොවිකො (SOVICO) සමූහය සමඟ සාකච්ඡා පැවැත්වුණ අතර රොක්ස් (ROX) සමූහය සමඟ පැවති සාකච්ඡාවට රොක්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ට්‍රන් සුවන් ක්වන් (Tran Xuan Quang ) මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න