Home » මැතිවරණය සාමකාමියි / සියයට හැටක් ඡන්දය දෙති

මැතිවරණය සාමකාමියි / සියයට හැටක් ඡන්දය දෙති

-ප්‍රචණ්ඩක්‍රියා කිසිවක් නෑ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල

by sachintha
May 7, 2025 1:21 am 0 comment

ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 55ත් – 60ත් අතර ප්‍රතිශතයක් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තොරතුරු සඳහන් කරයි. වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 70ක් පමණ වේ. ඡන්දය භාවිත කිරීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රතිශතය සියයට 52කි.

ගම්පහ දිස්ත්‍රික්කය සියයට 56ක්, බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක්, නුවරඑළිය දිස්ත්‍රික්කය සියයට 60ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කය සියයට 63ක්, කළුතර දිස්ත්‍රික්කය සියයට 61ක්, අනුරාධපුර දිස්ත්‍රික්කය සියයට 60ක්, පුත්තලම දිස්ත්‍රික්කය සියයට 55ක්, අම්පාර දිස්ත්‍රික්කය සියයට 63ක්, මොනරාගල දිස්ත්‍රික්කය සියයට 61ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සියයට 67ක්, ගාල්ල දිස්ත්‍රික්කය සියයට 63ක්, වවුනියාව දිස්ත්‍රික්කය සියයට 60ක්, මාතර දිස්ත්‍රික්කය සියයට 58ක්, මුලතිව් දිස්ත්‍රික්කය සියයට 60ක්, කෑගල්ල දිස්ත්‍රික්කය සියයට 58ක්, මහනුවර දිස්ත්‍රික්කය සියයට 58ක්, මාතලේ දිස්ත්‍රික්කය සියයට 62ක්, හම්බන්තොට දිස්ත්‍රික්කය සියයට 61ක්, යාපනය දිස්ත්‍රික්කය සියයට 57ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කය සියයට 60ක්, රත්නපුර දිස්ත්‍රික්කය 60ක්, මඩකලපුව දිස්ත්‍රික්කය සියයට 61ක්, කුරුණෑගල දිස්ත්‍රික්කය සියයට 55ක් ලෙස ඡන්දය භාවිත කර තිබිණි.

සුභාෂිණී සේනානායක, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT