Home » හිටපු ජනපති මහින්ද ඡන්දය දෙන්න ගිහින් නෑ

හිටපු ජනපති මහින්ද ඡන්දය දෙන්න ගිහින් නෑ

by sachintha
May 7, 2025 1:26 am 0 comment

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිත කර තිබුණේ නැත. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජන වී ඇති ඒ මහතා විවේක සුවයෙන් පසුවන බැවින් මෙසේ ඡන්දය භාවිත කිරීමට ගොස් නැති බව ඔහුගේ පවුලට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය. ඒ මහතා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්ව මේ දිනවල වෛද්‍ය උපදෙස් මත නිවෙසේ විවේක ගන්නා බව ද එම තොරතුරු සඳහන් කළේය. මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කර ඇති හිටපු ජනාධිපතිවරයා ඡන්දය භාවිත කර නැත්තේ මෙම මැතිවරණයේදී පමණක් යැයි ද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ එම මහත්මිය සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විදුහලට ඊයේ (06) පෙරවරුවේ පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා නොමැතිවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT