Home » සජබ අපේක්ෂකට පහර දුන්නැයි එජාප අපේක්ෂකයා අත්අඩංගුවට

සජබ අපේක්ෂකට පහර දුන්නැයි එජාප අපේක්ෂකයා අත්අඩංගුවට

by sachintha
May 7, 2025 12:58 am 0 comment

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ලැයිස්තු අපේක්ෂකයෙකුට පහර දුන් එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයෙක් මාවනැල්ල පොලීසිය පෙරේදා (05) අත්අඩංගුවට ගනු ලැබුවේය.

මාවනැල්ල උසාවිය පාරේ පදිංචි වයස අවුරුදු 60ක් වන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බැඳුම්කරයක් මත පොලිස් ඇපයකින් මුදාහැරීමට කටයුතු කළ බව මාවනැල්ල පොලීසිය සඳහන් කරයි. ලබන 14 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව මාවනැල්ල පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාවනැල්ල, මුරුතලාවේ පදිංචිකරුවකු වන 44 වියැති සමගි ජන බලවේගයේ ලැයිස්තු අපේක්ෂකයකුට මෙම පහර දීම සිදුව ඇතැයිද එම නිලධාරියා කීය.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයා යතුරුපැදියක නැඟී පෙරේදා (05) ගමන් කරමින් සිටියදී මරාව පාලම අසලදී එක්සත් ජාතික පක්ෂ ලැයිස්තු අපේක්ෂකයා විසින් මඟ හරස් කර අතින් පයින් පහර දී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය. අනතුරුව ගලකින් ආරක්ෂිත හිස් වැසුමටද පහර දී ඇතැයි පොලීසිය පවසයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT