Home » සබරගමු නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

සබරගමු නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

දැන් 10ක් රිමාන්ඩ්

by sachintha
May 7, 2025 2:00 am 0 comment

ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවාට නවක වදය දීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු සමනලවැව පොලීසිය මඟින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ඊයේ (06) වන විට මෙම නවක වද සිදුවීම සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිවුදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් පසුගියදා (04) රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාලයේදී අත්අඩංගුවට ගත් අතර සිසුන් සිවු දෙනකු පෙරේදා (05) නීතිඥ සහාය ඇතිව සමනලවැව පොලිස් ස්ථානයට පැමිණ භාර වී තිබිණි. එම සිසුන් සිවු දෙනා ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම සිදුවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුලින් අත්අඩංගුවට ගත් සිසුන් සිවුදෙනා බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. පෙරේදා (05) සහ ඊයේ (06) අත්අඩංගුවට ගත් සිසුන් 06 දෙනා ද බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බළන්ගොඩ –

සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT