Home » නොරොච්චෝලේ ප්‍රසිද්ධ ස්ථාන රැසක නිල ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකා

නොරොච්චෝලේ ප්‍රසිද්ධ ස්ථාන රැසක නිල ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකා

by sachintha
May 7, 2025 1:49 am 0 comment

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත්, දළුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන රැසක සර්වජන බලය පක්ෂයට ඡන්දය සලකුණු කළ, නිල ඡන්ද පත්‍රිකාවට බෙහෙවින් සමාන, ඡන්ද පත්‍රිකා රැසක් පෙරේදා (05) අලුයම විසිරුවා හැර තිබුණු බවට, පුත්තලම දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අංක එක නායක අපේක්ෂක එම්.ඩී.ඒ.ජී. ගැමුණු මහතා පවසයි.

ඒ මහතා විසින් මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය වෙතත්, පුත්තලම මැතිවරණ කාර්යාලය වෙතටත් මේ පිළිබඳව පැමිණිලි කොට ඇත. ප්‍රදේශවාසී ජනතාව විසින් පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ද (119) මේ බැව් පැමිණිලි කර ඇත. කල්පිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයටත් පැමිණිලි කොට ඇත. මැතිවරණ කාර්යාලය හා පොලීසිය ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT