Home » වනසතුන් ගැවසෙන ගම්මානවල ඡන්දය දාන්න යන එන අයගේ ආරක්ෂාවට වනජීවී‍ නිලධාරීන්

වනසතුන් ගැවසෙන ගම්මානවල ඡන්දය දාන්න යන එන අයගේ ආරක්ෂාවට වනජීවී‍ නිලධාරීන්

by sachintha
May 7, 2025 1:50 am 0 comment

වනඅලි ඇතුළු දරුණු වනසතුන් ගැවසෙන ගම්මානවල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන කරා යන එන ඡන්දදායකයාගේ සහ ඡන්ද ම්‍යස්ථානවල රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය විසින් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 46ක් ආවරණය වන පරිදි පෙරේදා (05) සහ ඊයේ (06) යන දිනවල දිවා රාත්‍රී ජංගම මුර සංචාරක සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිංහ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිවා රාත්‍රී ජංගම මුර සංචාරයට අමතරව වනඅලි නිතර ගැවසෙන ගම්මානවල පිහිටි ගොවි සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධානවල නිලධාරීන්ට සහ ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කරනු ලැබූ ග්‍රාම නිලධාරින් වෙත වනඅලියා පලවා හැරීම සඳහා අවශ්‍ය කරන අලි වෙඩි ලබා දීමද සිදු කෙරිණි.

ප්‍රදේශවාසීන්ගේ හා රාජකාරි කරන නිලධාරීන්ගේ ආරක්ෂාව පතා ක්‍රියාත්මක කළ මෙම මුර සංචාරක වැඩසටහන සහ අලි වෙඩි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රදේශවාසීන්ගේ සහ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ගේ ඇගැයීමට බඳුන් වී තිබේ.

හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT