24
ඡන්ද නීති කඩ කරමින් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හා ඡන්ද ලකුණු මුද්‍රණය කළ කොළ කැබලි මහියංගණය හා හසලක පොලිස් බලප්‍රදේශයේ මංමාවත් පුරා ඊයේ (6) දින අලුයම් කාලයේ විසුරුවා හැර තිබිණි. මේ හේතුවෙන් උදෑසන ඡන්ද කටයුතු ආරම්භ කිරීමට පෙර පොලීසිය මැදිහත්ව එම පත්‍රිකා හා කොළ කැබලි එකතු කර ගිනි තැබූ අතර, අලුයම නැවත ගැසූ අපේක්ෂක පෝස්ටර්වල කළු තෙල් ගෑම ද පොලීසිය විසින් සිදු කරනු ලැබීය.
මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර