Home » ශ්‍රී පාදය වඳින්න ආ කාරය නවතා තිබුණු වෑන් රියේ හප්පලා

ශ්‍රී පාදය වඳින්න ආ කාරය නවතා තිබුණු වෑන් රියේ හප්පලා

by sachintha
May 7, 2025 12:56 am 0 comment

 

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මෝටර් රථයක් ගාල්කර තිබූ වෑන් රථයක ගැටී ඊයේ (6) දින අනතුරට පත්ව ඇති බව දිඹුලපතන පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදීය. තිස්සමහාරාමයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් ශ්‍රී පාද වන්දනාව අවසන් කර යළි තිස්සමහාරාමය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ ඒ තුළ සිවුදෙනකු ගමන් කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත. අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇත.

රියැදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලීසිය පැවසීය.

නෝර්වුඩ් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT