Home » කාන්තා තුන්කොන් තරගාවලියේ තීරණාත්මක තරගය අදයි

කාන්තා තුන්කොන් තරගාවලියේ තීරණාත්මක තරගය අදයි

-ඉන්දියාව දිනුවොත් ශ්‍රී ලංකාවත් කලින්ම අවසන් තරගයට

by sachintha
May 7, 2025 1:19 am 0 comment

 

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 3ටම තීරණාත්මකම 5 වැනි තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී ඉන්දීය පිල සමඟින් දකුණු අප්‍රිකානු කාන්තා පිල තරග වදින අතර, මේ තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් එකක් වී තිබේ. මේ තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය වුවහොත් ඔවුන්ට තරගාවලියේ අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමි වී යන අතර, ශ්‍රී ලංකාවට තරගයක් ඉතිරිව තිබියදීම අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදාවනු ඇත.

මේ වන විට තරගාවලියේ තරග 4ක් නිමා වෙද්දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජයගෙන තිබේ. ක්‍රීඩා කළ තරග දෙකම පරාජය වූ දකුණු අප්‍රිකාවට අද ඉන්දියාවට එරෙහි තරගය සහ 9 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව ඇත. මේ  ස්නේ රානා

තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජය වුවහොත් ඔවුන්ට තරගාවලියේ අවසන් තරග බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු වෙයි.

 

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරගාවලියේ දෙවැනි තරගයෙන් හමුවූ අතර, එහිදී ඉන්දියාව ජය ගත්තේ ලකුණු 15කිනි. ඉන්දියාව ලබාදුන් ලකුණු 277ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිලේ අවසන් කඩුලු 6 ලකුණු 21ක් තුළ බිඳ වැටීමෙන් පරාජය වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි තරගයෙන් පරාජය වීම නිසා ඉන්දියාව අද තරගය ජය ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත. ඉන්දියාව මේ තරගය ජයගත හොත් ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත. එසේ වුවහොත් තරගයක් ඉතිරිව තිබුණද ශ්‍රී ලංකාවට ද අවසන් තරග වරම් හිමි වෙයි. කෙසේ වෙතත් අද තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුවහොත් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය තීරණාත්මක එකක් වනු ඇත.

මේ වන විට ඉන්දියාව ජයග්‍රහණ දෙකක් සමඟ ප්‍රසාද ලකුණු 4ක් ලබා පෙරමුණ ගෙන සිටින්නේ 0.433ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි. ශ්‍රී ලංකාව ද ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින අතර, දළ ලකුණු වේගය -0.166කි. තරග දෙකම පරාජය වූ දකුණු අප්‍රිකාවේ දළ ලකුණු වේගය -0.356කි.

මේ වන විට තරගාවලියේ පිතිකාරිනියන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය පිලේ ප්‍රාතිකා රාවල් සමත්ව ඇත්තේ තරග 3කදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 163ක් රැස් කරමිනි. හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 144ක් ලබා සිටින අතර, තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එකම ශතකයට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ ටස්මින් බ්‍රිට්ස් ලකුණු 123ක් රැස් කර තිබේ.

ඉන්දීය ක්‍රීඩිකා ස්නේ රානා කඩුලුලාභිනියන් අතර ඉදිරියෙන්ම සිටින්නේ තරග 3කදී කඩුලු 11ක් බිඳ දමමිනි. සුගන්දිකා කුමාරි සහ දෙව්මි විහංගා කඩුලු 4 බැගින් දවා ගනිමින් දෙවැනි සහ තෙවැනි තැන්වල සිටිති.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT