Home » ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 10ක පන්දු රැකීමේ පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 10ක පන්දු රැකීමේ පුහුණු වැඩමුළුවක්

by sachintha
May 7, 2025 1:28 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් මහතා යටතේ දින 10ක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

මේ විශේෂිත වැඩසටහන අද (7) දින ආරම්භ වන අතර, ඊට පිරිමි සහ කාන්තා ජාතික සංචිත, නැඟී එන සංචිත, අන්තර් සමාජ ක්‍රීඩකයන්, අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ කාන්තා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වෙති.

මේ වැඩසටහන ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සමඟ ආරම්භ කරන අතර පසුව අනෙකුත් කණ්ඩායම් පුහුණු කරනු ඇත. එහිදී ඔහු ක්‍රීඩා තත්ත්වයන් අනුකරණය කිරීම සඳහා පන්දු රැකීමේ අභ්‍යාස, කුසලතා – විශේෂිත පුහුණුව සහ අනුකරණය කරන ලද තරග අවස්ථා පවත්වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT