Thursday, May 8, 2025
Home » මාලිමාවට සභා 265ක්
ඓතිහාසික ජයග්‍රහණයක්:

මාලිමාවට සභා 265ක්

by Gayan Abeykoon
May 8, 2025 1:30 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

සභික ධුර 3927ක් 

ඡන්ද 4,503,930ක්

පොහොට්ටුවට තිබූ සභා 226ම බලය ගිලිහේ

එජාපයට-පොහොට්ටුවට එකදු සභාවක්වත් නෑ

සජබට සභා 14යි

පළාත් පාලන ආය­ත­න­ව­ලට සභි­ක­යන් තෝරා පත්කර ගැනී­මට පෙරේදා (06) පැවති ඡන්ද විම­සී­මේදී ජාතික ජන බල­වේ­ගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන ආය­තන 265ක බලය තහ­වුරු වන පරිදි ‌ඓතිහා­සික ජය­ග්‍ර­හ­ණ­යක් හිමි කර­ගෙන තිබේ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් ජාතික ජන බල­වේ­ගය මේ අනුව හිමි කර­ගත් සමස්ත සභික ධුර සංඛ්‍යාව 3927ක් වන අතර, නිල ප්‍රති­ඵ­ල­ව­ලට අනුව බලය තහ­වුරු කර­ගත් පළාත් පාලන ආය­තන අතර මහ නගර සභා 23ක් නගර සභා 26ක් ප්‍රාදේ­ශීය සභා 217ක් ඇතු­ළත් වේ.

සමගි ජන බල­වේ­ගය මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඡන්ද 2,258,480ක් ලබා­ගෙන සභික ධුර 1767ක් අත්පත් කර ගත්තේය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ද මෙවර ඡන්ද 954,517ක් ගනි­මින් සභික ධුර 742කට හිමි­කම් කියා තිබේ.

මේ අනුව ජාතික ජන බල­වේ­ගය හිමි කර­ගත් ඡන්ද ප්‍රමා­ණය සිය­යට 43.26ක් වන අතර සමගි ජන බල­වේ­ගය සිය­යට 21.69ක් හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සිය­යට 9.17ක් වශ­යෙන් ප්‍රති­ශත දිනා­ගෙන තිබේ. දිලිත් ජය­වීර මහ­තාගේ සර්ව­ජන බලය පක්ෂ­යට පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඡන්ද 178,006ක් හිමි වූ අතර, නිමා­වට පත් වූ පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ඒ මහතා ලබා­ගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 2.83ක් වේ. ඒ අනුව සර්ව­ජන බලය පක්ෂය මෙවර ඡන්ද 116,675ක් වැඩි කර­ගෙන තිබේ.

පසු­ගිය 2018 වස­රේදී මෙරට අව­සන් වරට පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පළාත් පාලන ආය­තන 226ක බලය තහ­වුරු කර ගනි­මින් එම මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කර තිබූ අතර, එම වාර්තා බිඳ හෙළ­මින් මෙවර ජාතික ජන බල­වේ­ගය පළාත් පාලන ආය­තන 268ක් දිනා ගැනී­මට සමත්ව තිබේ.

එමෙන්ම මහ­ජන සන්ධා­නය ආසන 300ක්, ඉලං­ගෙයි තමිල් අරසු කච්චි ආසන 377ක්, සර්ව­ජන බලය ආසන 226ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය ආසන 116ක්, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දෙමළ ජාතික සන්ධා­නය ආසන 106ක්, සමස්ත ලංකා මක්කල් කොංග්‍ර­සය ආසන 60ක් වශ­යෙන් මෙවර ජය­ග්‍ර­හ­ණය කර තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT