Home » විල්පත්තු හරහා අධිවේගී මාර්ගය ඉදිනොකිරීමට තීරණයක්

විල්පත්තු හරහා අධිවේගී මාර්ගය ඉදිනොකිරීමට තීරණයක්

by yasara
May 8, 2025 11:40 am 0 comment

විල්පත්තු අභය භූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙයි.

විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ විභාගයට ගැනුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය මේ පිළිබඳ දැනුම්දීම සිදු කළාය.

ඒ අනුව අදාළ පෙත්සම සමථයට පත් කර ගැනීමට දෙපාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.

ජනක් ද සිල්වා මහින්ද සමයවර්ධනසම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT