Home » ලොවක් බලා සිටි සුදු දුමාරය පිටවෙයි – නව පාප් වහන්සේ තේරී පත්වෙයි

ලොවක් බලා සිටි සුදු දුමාරය පිටවෙයි – නව පාප් වහන්සේ තේරී පත්වෙයි

by yasara
May 8, 2025 10:37 pm 0 comment

නව පාප්වරයෙක් පත්කරගැනීමේ ඡන්දය සාර්ථක බව සළකුණු කරමින් වතිකානයේ බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරය මීට සුළු වේලාවකට පෙර පිට විය.

මේ අනුව සුදු දුමාරය පිට වූ මොහොතේ සිට පැයක කාලයක් ඇතුළත නව පාප් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව  නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

බැසිලිකාවට පැමිණෙන නව පාප් වහන්සේ ‘අපට නව පාප්වරයෙක් පත්ව ඇත’ යන අරුතින් යුතුව ‘හබෙමුස් පාපම්’ යන වාක්‍යය හඩනගා කියැවීම සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT