Home » ‘නොනිමි අර­ග­ල­යක මතක ගිනි පුපු­රු’ ගෙනෙන ආරා­ධ­නා­

‘නොනිමි අර­ග­ල­යක මතක ගිනි පුපු­රු’ ගෙනෙන ආරා­ධ­නා­

by Gayan Abeykoon
May 8, 2025 1:04 am 0 comment

ගාමිණී මුතු­කු­මා­රණ

20 වැනි සිය­වස අග ශ්‍රී ලාංකේය දේශ­පා­ලන, සමාජ, ආර්ථික පීඩ­න­යට එරෙහි තරුණ නැඟී සිටීම සහ දශක දෙක­හ­මා­රක් පුරා රාජ්‍ය ප්‍රච­ණ්ඩ­ත්වය විසින් ඒ අර­ග­ලය
භීෂ­ණ­කාරී  ලෙස මර්ද­නය  කිරීමේ මත­ක­යන් අත­රට එබී බල­න්නට
ගාමිණී මුතු­කු­මා­රණ සොයු­රාගේ “නොනිමි අර­ග­ල­යක මතක ගිනි පුපුරු” අපට
දේශ­පා­ලන කවු­ළු­වක් විවර කර ඇත. මේ ලියවිල්ල ඒ වෙනුවෙනි.

 

නතා විමුක්ති පෙර­මුණේ ආර­ම්භය එහි වර්ධ­නය 1971 පිබි­දීම හා මර්ද­නය 1977න් පසු පක්ෂය ප්‍රති­සං­වි­ධා­නය කිරීම 1983 පක්ෂ තහ­නම සමඟ රහ­සි­ගත දේශ­පා­ල­නය  1987 – 1993 දක්වා පක්ෂ ක්‍රියා­කා­ර­කම් සහ රාජ්‍ය මර්ද­නය පිළි­බඳ මත­ක­යන් ගාමිණී අප හමුවේ තබ­නුයේ තමාද අයත් වූ දේශ­පා­ලන ව්‍යාපා­ර­යක කැප­කි­රීම් අපේ­ක්ෂා­වන් ජය­ග්‍ර­හ­ණ­යන් මෙන්ම යම් යම් දුබ­ලතා හා පරා­ජ­යන් කෙරෙහි බලපෑ හේතු සාධ­කද ස්වයං විවේ­ච­නා­ත්ම­කව ගෙන­හැර පාමිනි.

ගාමිණී කෘතිය ආර­ම්භ­යෙ­හිම, ජනතා විමුක්ති පෙර­මුණ ආර­ම්භක අව­ධියේ පක්ෂය සමඟ සමීප සබ­ඳතා පැවැත්වූ, දකුණේ වීර­විල ග්‍රාම­යෙහි දිවි ගෙවූ වාමාං­ශි­ක­යක වූ චාල්ස් විදා­නගේ, 1971 අර­ග­ලය පරා­ජයේ හමුවේ කළ ප්‍රකා­ශය, උපුටා දක්ව­නුයේ අර­ග­ලය අසා­ර්ථක වීම කෙරෙහි බලපෑ සුවි­ශේෂී සාධ­ක­යන් සංවා­ද­යට ලක් කර­මිනි.

අධි­රා­ජ්‍ය­වාදී පාල­ක­යන්ගේ අත­කොළු වූ  පාලක පන්තිය සමඟ හිත­වා­දීව ක්‍රියා කළ, මෙරට සම්ප්‍ර­දා­යික වාම ව්‍යාපා­ර­යට විකල්ප වාමාං­ශික ව්‍යාපා­ර­යක් ගොඩ­නැං­වීම  1970 උදාව සමඟ ශ්‍රී ලාංකීය උගත් තරුණ පර­පු­රක අපේ­ක්ෂා­වක් විය. දශක ගණ­නා­වක් මෙරට සමඟ සමාජ හා කොමි­යු­නිස්ට් පක්ෂ නාය­ක­යන්, පව­තින ධනේ­ශ්වර ආණ්ඩුව සමඟ සන්ධා­න­ගත වීම, මහ­ජ­න­යාගේ සැබෑ පීඩ­න­යට එරෙ­හිව ක්‍රියා නොකි­රීම, මාක්ස්වාදී න්‍යායන් පිළි­බඳ හැදෑ­රී­මක සිටි රෝහණ විජේ­වීර ඇතුළු තරුණ බුද්ධි­ම­තුන්ගේ දැඩි විවේ­ච­න­යට ලක් වේ.

1967 අග බිහි­වන ජනතා විමුක්ති පෙර­මුණ වඩා රැඩි­කල් අයු­රින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික සමාජ පීඩ­නය පිළි­බඳ දක්ෂි­ණාං­ශික ආණ්ඩු­වට දැනෙන ආකා­රයේ බල­පෑ­මක් කිරී­මට මුල පුරයි. ආර­ම්භක අව­ධියේ මෙම පෙර­මුණ වටා ඒක­රාශී වනුයේ සර­සවි සිසුන්, තරුණ බුද්ධි­ම­තුන් හා ග්‍රාමීය  පීඩිත  ජන කොට­ස්‍ ය.

1970 මහ­මැ­ති­ව­ර­ණ­යෙන් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ප්‍රමුඛ සමගි පෙර­මුණ තුනෙන් දෙකක බල­යක් හිමි කර­ගෙන බ්‍රිතාන්‍ය අධි­රාජ්‍ය ගැති පාලන ප්‍රති­ප­ත්තිය ඉදි­රි­ය­ටත් පව­ත්වා­ගෙන යාම පිළි­බ­ඳව මෙම නව වාම තරුණ බල­වේ­ගය අප්‍ර­සා­දය ප්‍රකාශ කරයි.

එයට එරෙහි ජනතා විමුක්ති පෙර­මු­ණෙහි පළමු නැඟි­ටීම 1971දී අති­ශ­යින්  දරුණු ලෙස මර්ද­නය කර­මින් නාය­ක­යන් සිර කර­මින් අව­සන් වීමේ  කතා­වෙන් බිඳක් ගාමිණී සට­හන් කර­නුයේ ඒ අසා­ර්ථ­ක­ත්වය කෙරෙහි බලපෑ හේතු සාධක ද සම­ඟිනි.

සිය ළදරු වාම ව්‍යාපා­රය කෙරෙහි නාය­ක­ත්ව­යන් තුළ වූ අධි තක්සේ­රුව, පක්ෂ­යට නිසි ජනතා පද­න­මක් නොති­බීම, වාමාං­ශික දේශ­පා­ල­නය පිළි­බඳ පුළුල් අව­බෝ­ධ­යක් බහු­තර සාමා­ජි­ක­යන්ට නොති­බීම, දේශ­පා­ලන හා න්‍යායා­ත්මක ක්‍රියා­මාර්ග පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ විධි­මත් අධ්‍යා­ප­නික වැඩ­පි­ළි­වෙ­ළක් නොති­බීම, ඒ සඳහා කාල­යක් සහ දේශ­පා­ලන  සමාජ අව­කා­ශ­යක් පක්ෂ­යට නොති­බීම, සන්නි­වේ­දන  දුෂ්ක­රතා හා දුබ­ලතා වැනි සාධක මැද නිසි සංවි­ධා­නා­ත්මක ශක්ති­ය­කින් සන්නද්ධ නොවී ඉතා ළදරු මට්ට­ම­කින් ගොඩ­නැ­ඟෙ­මින් තිබූ වාම දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් මර්ද­න­කාරී රාජ්‍ය යන්ත්‍ර­ණ­යත් සමඟ ගැටෙ­මින් සිය බලය අත්පත් කර ගැනීමේ හුදු සිහි­නය ක්‍රියා­වට නැංවීමේ අසා­ර්ථ­ක­ත්වය මෙහි සාක­ච්ඡා­වට ගනු ලබයි.

එම සිහි­නය අද්දර ඝාත­න­යට ලක් කරනු ලැබූ සොයුරු සොයු­රි­යන් පිළි­බඳ ඉතා­මත් අනු­වේ­ද­නීය මත­ක­යන් මෙම කෘති­යෙහි දල්වයි. රාජ්‍ය­යට එරෙහි මෙම නැඟී සිටීම පිළි­බ­ඳව විම­ර්ශ­නය කළ Òඅප­රාධ යුක්ති විනි­ශ්චය කොමි­ෂන් සභාවÓ හමුවේ ජනතා විමුක්ති පෙර­මුණ නාය­ක­යන් ආණ්ඩු­වට එරෙහි වීම සාධා­ර­ණී­ක­ර­ණය කරන අතර දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු අප­රාධ යුක්තිය විනි­ශ්චය කොමි­ෂන් සභාව විසින් 1974 දෙසැ­ම්බර් 20 වැනි දින  පක්ෂ  නායක රෝහණ විජේ­වීර හට ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම් නියම කරයි.

නාය­ක­යන් සිර­ක­ර­මින්, බොහෝ සාමා­ජි­ක­යන්  ඝාත­නය කර­මින් ජනතා විමුක්ති පෙර­මුණ පූර්ණ මර්ද­න­ය­කට ලක් කරන ලදැයි පාල­ක­යන් තුළ වූ විශ්වා­සය සුනු විසුනු කර­මින් හිර ගෙවල් තුළින් වඩා ශක්ති­මත්ව දේශ­පා­ලන පන්න­ර­යක් ලැබ ගත් තරුණ කණ්ඩා­ය­මක්, 1977න් පසු යළි සක්‍රි­යව, දේශ­පා­ල­නි­කව පිබි­දීම පිළි­බඳ  මතක ගිනි පුපුරු දීර්ඝ සැරි­සැ­රී­මක් කරයි.

නැවත පක්ෂය ප්‍රති­සං­වි­ධා­නය කිරී­මත් සමඟ 1983 දී තහ­න­මට ලක් කිරීම හමුවේ රහ­සි­ග­තව සැඟ­වෙ­මින් දශ­ක­ය­කට ආසන්න කලක් දේශ­පා­ලන ක්‍රියා­ව­ලි­යක නිරත වීමට ජනතා විමුක්ති පෙර­මු­ණට සිදුවේ. ලාංකික පීඩිත පන්තියේ මර්ද­න­යට එරෙ­හිව අති බිහි­සුණු රාජ්‍ය මර්ද­න­ය­කට මුහුණ දෙමින් විටෙක වනා­න්තර තුළ දිවි ගෙව­මින් ජීවිත පරි­ත්‍යා­ග­යෙන් කැප වූ දස දහස් තාරු­ණ්‍යක නොප­සු­බට අධි­ෂ්ඨා­නය මතක ගිනි පුපුරු ගිනි දල්වා විහි­දයි. මරණ ද්වාරය අබි­යස දරා ගත නොහැකි කෲර වධ හිංස­යන්ට ලක්වන සහෝ­දර සහෝ­ද­රි­යන්  පිළි­බඳ මත­ක­යන් මෙහි පිරී ඇත.

අති­ශ­යින් සැල­සු­ම්ස­හ­ගත සන්නද්ධ මර්දන ක්‍රියා­ව­ලි­යක් තුළ හිඳි­මින් දශ­ක­ය­කට අධික කාල­යක් එම ම්ලේච්ඡ­ත්ව­යට අභි­යෝග කළ උදාර සහෝ­ද­ර­ත්ව­යක කතාව ගාමිණී මත­ක­යට කැඳ­වයි. මෙහිලා සුවි­ශේෂි කාර්ය­භා­ර­යක් ඉටු කළ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපා­රය හා එහි නාය­ක­යන් අර­ග­ල­යට දායක වූ සහෝ­ද­ර­යන් හා 1971 සිට ජනතා විමුක්ති පෙර­මු­ණට ශක්ති­යක් වූ පක්ෂ සාමා­ජික සාමා­ජි­කා­වන් පිළි­බ­ඳව ද මඟ නොහැර මතක සට­හන් තබ­න්නට ගාමිණී ගත් උත්සා­හය ප්‍රශං­ස­නී­යයි.

එවක රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රයා වූ රංජන් විජ­ය­රත්න ඝාත­නය සඳහා ස්ව කැමැ­ත්තෙන් ඉදි­රි­පත් වූ සර­සවි සිසු­වි­යකු වූ ඉරේෂා පොල්ග­ම්පළ සහෝ­ද­රිය දරුණු වධ හිංස­න­යන්ට ලක් කර­මින් ඝාත­නය කිරීමේ සිදු­වීම, 1970 දශ­කය ආර­ම්භයේ චිලියේ මිනී­මරු පාලක  ෆිනොචේ ඝාත­නය කිරී­මට තරු­ණි­ය­කගේ ද සහ­භා­ගී­ත්ව­යෙන් සැල­සුම් කිරීම හා ඔවුන් කුරිරු ලෙස ඝාත­නය කරන අයුරු පාදක කර ගත් සිනමා පට­යක් සිහි­පත් කරයි.

ඉරේෂා සොයු­රිය ඇතු­ළුව එම සැල­සුම ක්‍රියා­ත්මක කිරී­මට ඉදි­රි­පත් වූ සෙසු සහෝ­ද­ර­යන් රඳවා ප්‍රශ්න කර­මින් තමා ඝාත­නය කර­න්නට සැල­සුම් කළේ මන්දැයි ආර­ක්ෂක අමාත්‍ය රංජන් නඟන පැන­යට ඔවුන් පිළි­තුරු සප­ය­නුයේ Òඔබ මර­න්නට අපට ශුද්ධ වූ අයි­ති­යක් තිබෙ­නවා.Ó යනු­වෙනි.

ජනතා විමුක්ති පෙර­මුණ මර්ද­න­යට රාජ්‍ය­යට සහ­යෝ­ගය දැක්වූ පක්ෂ­යෙන් ඉවත් වූ සාමා­ජි­ක­යන් පිළි­බ­ඳ­වත් සෙසු දේශ­පා­ලන පාර්ශ්ව පිළි­බ­ඳ­වත් Òමතක ගිනි ගිනි­පුරුÓ සට­හන් කර­නුයේ මොවුන් සමඟ තිබූ අර්බු­ද­යන් සම­නය කර ගැනී­මට පක්ෂය අස­මත් වීම, ඒ සඳහා දේශ­පා­ල­නික සංවා­ද­යන් නොති­බීම හා ප්‍රති­වා­දි­යාට එරෙ­හිව ප්‍රච­ණ්ඩ­ත්වය භාවිත කිරීම යන ගැටලු  ස්වයං විවේ­ච­නා­ත්ම­කව ඉදි­රි­පත් කිරී­මත් සම­ඟිනි.

එසේම පක්‍ෂයේ සන්නද්ධ අංශය නිසි දේශ­පා­ලන දැක්ම­කින් හා සන්නි­වේ­ද­න­ය­කින් තොරව සිදු කළ ඇතැම් ක්‍රියා­වන් හා පක්ෂ තහ­නම හමුවේ දේශ­පා­ලන අංශය හා සන්නද්ධ අංශය අතර අන්තර් සන්නි­වේ­ද­නය බෙහෙ­වින් දුර්වල වීම හා ඇතැම් දුෂ්ක­රතා  හමුවේ සපුරා බිඳ වැටීම හා අව­සා­නයේ  තරුණ සන්නද්ධ කණ්ඩා­යම් පාල­නය දුෂ්කර වීම හා අව­සා­නයේ ඔවුන් අතින් සිදු කළ ඇතැම් ඝාතන හා හිංසා­වන් නිසා අප්‍ර­සා­ද­යට හා බියට පත් සාමාන්‍ය  ජනයා පක්ෂය කෙරෙහි කල­කි­රීම හේතු­වෙන්  ජනතා සහ­යෝ­ගය දිනා ගැනීම අප­හ­සු­වී­මත්, අත­ර­මැදි සතුරු පාර්ශ්ව­යන් රාජ්‍ය මර්ද­න­යට ඍජුව සහාය වීමත් මෙහිලා සංවාද කර­නුයේ ජන­තාව උදෙසා කරන අර­ග­ල­ය­කදී ජන­තා­වගේ ආද­රය විශ්වා­සය හා සහ­යෝගී බව, සහ­භා­ගි­ත්වය විප්ල­ව­කාරී ව්‍යාපා­ර­යක අත්‍ය­වශ්‍ය පද­නම් බව අව­ධා­ර­ණය කර­මිනි.

පක්ෂය හැර ගිය සහ වධ හිංසන හමුවේ ඇතැම් පක්ෂ සාමා­ජි­ක­යන් කළ පාවා­දීම් මෙන්ම මර­ණීය වධ හිංසා­වන් තුළ පවා සිය ප්‍රති­ප­ත්තීන් අධි­ෂ්ඨා­න­ශීලි ලෙස රකි­මින්, පක්ෂයේ දේශ­පා­ලන රහස් කඳු සඟ­ව­මින්, මිය­ගිය සොයුරු සොයු­රි­යන් අප්‍ර­මාණ සංවේ­දී­ත්ව­ය­කින් මෙහිලා ස්මර­ණය කරනු ලබයි. පරා­ජය අබි­යස සහ මර­ණය අබි­යස පවා තමා අර­මුණු අත් නොහැර ආලෝ­ක­වත්ව දල්වනු ලැබූ මානු­ෂි­ක­ත්වය, පරි­ත්‍යා­ගය පිළි­බ­ඳව අප්‍ර­මාණ සිතා බැලී­ම­කට හැදෑ­රී­ම­කට Òමතක ගිනි පුපුරුÓ අව­කාශ සල­සයි.

පීඩිත ජන­යාගේ ශ්‍රම­යෙන් ලෙයින් කඳු­ළින් ධනේ­ශ්වර දේශ­පා­ලන ආර්ථික බල කඳ­වු­ර­කට එරෙහි අර­ග­ල­යක ශක්තීන් හා ඛේද­නීය මත­ක­යන් අතර ගාමිණී දල්වා­ලන මත­කයේ ගිනි පුපුරු, නිවැ­රදි වාමාං­ශික දෘෂ්ටි­යක් මත පද­නම්ව ශක්ති­මත්ව යළි අර­ග­ලයේ මාව­තට ප්‍රවේශ වීමේ සිහි­නය පුබු­දු­වා­ලයි.

එසේම  එකම රාජ්‍ය­යක පීඩ­න­යට එරෙහි වූ ලාංකීය දමිළ දේශ­පා­ලන විමුක්ති අර­ග­ලය සමඟ බද්ධ­වී­මට නොහැකි වීමේ අර්බු­ද­යද මෙහිලා යම් ආකා­ර­ය­කින් ඉස්මතු කරයි. පක්ෂ­යෙහි බහු­ත­ර­යක් සාමා­ජි­ක­යන් තුළ වූ සංස්කෘ­තික පසු­ගාමී දෘෂ්ටීන්, නාය­ක­ත්ව­යෙහි ඇතැම් නිවැ­රදි නොවූ තීන්දු හා යම් දුබ­ලතා  න්‍යායා­ත්මක අර්බුද, ව්‍යාපා­ර­යෙහි දේශ­පා­ලන අව­ව­ර්ධිත පසු­බිම් පිළි­බඳ හා ඇතැම්  භාවි­තා­වන්  හා චර්‍යා­ත්ම­කව වූ අග­තීන් පිළි­බඳ ගැඹුරු සංවා­ද­ය­කට ඉඟි සප­යන Òමතක ගිනි පුපුරුÓ, නව දේශ­පා­ලන විමුක්ති අර­ග­ල­ය­කට, ගැඹුරු අධ්‍ය­යන ප්‍රවේ­ශ­යක් විවර කරයි.

පූර්ව ලිය­න්නෙකු නොවී ගාමිණී මුතු­කු­මා­රණ  ලිය­මන් කළ Òනොනිමි අර­ග­ල­යක මතක ගිනි පුපුරුÓ සරල සිත් ගන්නා බස­කින් කළ අපූරු ස්වයං මතක ආව­ර්ජ­න­යකි. එය ඔබේද මගේද හද­වත ගැඹු­රින් ස්පර්ශ කර­මින් සිවිල් සමාජ දේශ­පා­ල­නය බිඳ වැටුණු බිහි­සුණු පසු­ත­ල­යක මර­ණීය නිමේ­ෂ­යන් සමඟ අපව බද්ධ කර­මින් එම කෲර­ත්ව­යෙන් මිදී මනු­ෂ්‍ය­යන් ලෙස නිද­හස් හා සමාන අයි­ති­වා­සි­කම් භුක්ති විඳිය හැකි ලොවක් ගොඩ­නං­වන්න අපට නිහ­ඬ­වම ආරා­ධනා කරයි.

තිලිනා වීර­සිංහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT