මැදියම් රෑ පුස්තකාලේ
බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍යයේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරින් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. Matt Haig රචනා කළ ජනප්‍රිය කෘතීන් ගණනාවෙන් මෙය එක් කෘතියක් පමණකි.
පරිවර්තනය – හෂාන් රන්දික ඩයස්
ප්රකාශනය – ඇම්. ඩී ගුණසේන සමාගම
මිල – රු 1200.00
හදිසියේම හෝ හෙමි හෙමින්
මේ කිවිදියගේ තෙවන කාව්‍ය සංග්‍රහයයි. “හොඳම මොහොත අතරමංව ඔබ හිටියද ? ඔව් ! කැමති ඇති, ප්‍රේමය, හදිසියේම හෝ හෙමි හෙමින්, ගංගාවක් වුණත්, මිත්‍රවරුනි කම් නැත, ඩිලීට්, ඒ සුළඟ” ආදී වශයෙන් මෙහි කාව්‍ය 54කින් යුක්තය.
කර්තෘ – තුෂාරිකා ඇන්තනි
ප්රකාශනය – රසකතා ප්‍රකාශන
මිල – රු 750.00
රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන
ලේඛක දීපචෙල්වන් විසින් රචනා කරන ලද ප්‍රථම සාහිත්‍ය ප්රකාශනය මෙයයි. මෙම කෘතියේ අන්තර්ගත කවි තුළ සුළුතර ජනතාවක් ලෙස ඉපිද මැරෙන තුරුත් වේදනා විඳිමින් ඉන්නා සහ විඳීමට නියමිත මිනිස් කොට්ඨාසයකගේ වේදනාව, පීඩනය, පිපාසය, ධෛර්යය මෙහි සටහන්ව ඇත. මෙය පරිවර්තනය කොට ඇත්තේ පශ්චාත් යුද කාල පරිච්ජේදයකයි. සැමදා සිත පාරන අහිමි වීමක් දරාගෙන ඒ පීඩනයෙන්ම ජීවත්වන්නෙකු ලෙස සිටීම තුළ හකී පීඩනයම වේදනාවක් ලෙස මෙය පරිවර්තනයට යොමු වී ඇත. “යාළ් නගරය, රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන, ගම් අතැර ගියවුන්ගේ ගීතය, වීදිය,පිහිය,” ආදී ආකාරයේ අපූරු කාව්‍ය සංග්රහවලින් මෙය පූර්ණය.
පරිවර්තනය – අනූෂා සිවලිංගම්
ප්රකාශනය – නයින් ප්රකාශනයකි
මිල – රු 450.00
මුලර් හයිනර් නාට්‍ය එකතුව
Marc Von Henning විසින් ඉංග්‍රිසියට පරිවර්තනය කොට සංස්කරණය කරන ලද Heiner Muller Theatre Machine සහ Carl Weber විසින් ඉංග්‍රිසියට පරිවර්තනය කොට සංස්කරණය කරන ලද Hamlet Machine And Other Text For stage යන කෘති තුළ අඩංගු නාට්‍ය පිටපත් 11කි. “මුලර් නම් වූ භෞතිකය, යටතේ යකඩ කුරුසය, පීතෘ, ගමන, මීඩියා, මස් වඩුවා හා බිරිඳ, වහන්තරාව හෙවත් නොකිලිටි පිළිසිඳුම” යනාදී නාට්‍ය පිටපත් මෙහි සඳහන්ය.
පරිවර්තනය හා සංස්කරණය – මහේෂ් කුමාර
ප්රකාශනය – ඔපියුමා ප්රකාශනයකි
මිල – රු 750.00
රේගන්
නවකතාවකි. මෙය සත්‍ය ද නොවේ. මන:කල්පිතයක්ද නොවේ. යම් සමාජ කෝෂයක් වටා වැඩුණකි. එහෙත් මීට මූලපද්ධතියක් ඇත. එය ප්‍රබන්ධයට වඩා ප්රබලය. සඳුන්ලා අසේලලා එක් කලෙක මේ මහ පොළොවේ ජීවත් වූහ.රේගන්ලාගේ පැමිණීම යුද්ධය, හදවත්වල යුද්ධය අවසන සියල්ලගේම පරාජය මේ ආදී දේවල් වටා මෙය ගෙතී ඇත.
කර්තෘ – සංජීවනී රූපසිංහ
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයකි
මිල – රු350.00