Home » ලිවිසැරිය

ලිවිසැරිය

පොත් පුවත්

by Gayan Abeykoon
May 8, 2025 1:05 am 0 comment

මැදි­යම් රෑ පුස්ත­කාලේ

බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද 2020 වර්ෂයේ පළවූ The Midnight Library නව­ක­තාවේ නෝරා සීඩ්ව ඔබට මුණ­ගැ­සෙන්නේ ප්‍රධාන චරි­තය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨ­ක­යන් අතර ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­ය­කට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නව­ක­තා­වකි. බ්‍රිතා­න්‍යයේ BBC ගුවන් විදු­ලිය විසින් මේ කතාව ඇසු­රින් ගුවන් විදුලි නාට­ක­යක් ද නිර්මා­ණය කළේ ය. Matt Haig රචනා කළ ජන­ප්‍රිය කෘතීන් ගණ­නා­වෙන් මෙය එක් කෘති­යක් පම­ණකි.

පරි­ව­ර්ත­නය – හෂාන් රන්දික ඩයස්

ප්‍රකා­ශ­නය – ඇම්. ඩී ගුණ­සේන සමා­ගම

මිල – රු 1200.00

 

 

 


හදි­සි­යේම හෝ හෙමි හෙමින්

 

මේ කිවි­දි­යගේ තෙවන කාව්‍ය සංග්‍ර­හ­යයි. “හොඳම මොහොත අත­ර­මංව ඔබ හිටි­යද ? ඔව් ! කැමති ඇති, ප්‍රේමය,  හදි­සි­යේම හෝ හෙමි හෙමින්, ගංගා­වක් වුණත්, මිත්‍ර­ව­රුනි කම් නැත, ඩිලීට්, ඒ සුළඟ” ආදී වශ­යෙන් මෙහි කාව්‍ය 54කින් යුක්තය.

කර්තෘ – තුෂා­රිකා ඇන්තනි

ප්‍රකා­ශ­නය – රස­කතා ප්‍රකා­ශන

මිල – රු 750.00

 

 

 

 


රාත්‍රිය මත රතු කුරු­ල්ලෙක් ලැග­ගෙන

ලේඛක දීප­චෙ­ල්වන් විසින් රචනා කරන ලද ප්‍රථම සාහිත්‍ය ප්‍රකා­ශ­නය මෙයයි. මෙම කෘතියේ අන්තර්ගත කවි තුළ සුළුතර ජන­තා­වක් ලෙස ඉපිද මැරෙන තුරුත් වේදනා විඳි­මින් ඉන්නා සහ විඳී­මට නිය­මිත මිනිස් කොට්ඨා­ස­ය­කගේ වේද­නාව, පීඩ­නය, පිපා­සය, ධෛර්යය මෙහි සට­හන්ව ඇත. මෙය පරි­ව­ර්ත­නය කොට ඇත්තේ පශ්චාත් යුද කාල පරි­ච්ජේ­ද­ය­කයි. සැමදා සිත පාරන අහිමි වීමක් දරා­ගෙන ඒ පීඩ­න­යෙන්ම ජීව­ත්ව­න්නෙකු ලෙස සිටීම තුළ හකී පීඩ­න­යම වේද­නා­වක් ලෙස මෙය පරි­ව­ර්ත­න­යට යොමු වී ඇත. “යාළ් නග­රය, රාත්‍රිය මත රතු කුරු­ල්ලෙක් ලැග­ගෙන, ගම් අතැර ගිය­වුන්ගේ ගීතය, වීදිය,පිහිය,”  ආදී ආකා­රයේ අපූරු කාව්‍ය සංග්‍ර­හ­ව­ලින් මෙය පූර්ණය.

පරි­ව­ර්ත­නය – අනූෂා සිව­ලිං­ගම්

ප්‍රකා­ශ­නය – නයින් ප්‍රකා­ශ­න­යකි

මිල – රු 450.00

 


මුලර් හයි­නර් නාට්‍ය එක­තුව

Marc Von Henning විසින් ඉංග්‍රි­සි­යට පරි­ව­ර්ත­නය කොට සංස්ක­රණය කරන ලද Heiner Muller Theatre Machine සහ Carl Weber විසින් ඉංග්‍රි­සි­යට පරි­ව­ර්ත­නය කොට සංස්ක­ර­ණය කරන ලද Hamlet Machine And Other Text For stage යන කෘති තුළ අඩංගු නාට්‍ය පිට­පත් 11කි. “මුලර් නම් වූ භෞති­කය, යටතේ යකඩ කුරු­සය, පීතෘ, ගමන, මීඩියා, මස් වඩුවා හා බිරිඳ, වහ­න්ත­රාව හෙවත් නොකි­ලිටි පිළි­සි­ඳුම” යනාදී නාට්‍ය පිට­පත් මෙහි සඳ­හන්ය.

පරි­ව­ර්ත­නය හා සංස්ක­ර­ණය – මහේෂ් කුමාර

ප්‍රකා­ශ­නය – ඔපි­යුමා ප්‍රකා­ශ­න­යකි

මිල – රු 750.00

 

 


රේගන්

නව­ක­තා­වකි. මෙය සත්‍ය ද නොවේ. මන:කල්පි­ත­යක්ද නොවේ. යම් සමාජ කෝෂ­යක් වටා වැඩු­ණකි. එහෙත් මීට මූලපද්ධ­ති­යක් ඇත. එය ප්‍රබ­න්ධ­යට වඩා ප්‍රබ­ලය. සඳුන්ලා අසේ­ලලා එක් කලෙක මේ මහ පොළොවේ ජීවත් වූහ.රේග­න්ලාගේ පැමි­ණීම යුද්ධය, හද­ව­ත්වල යුද්ධය අව­සන සිය­ල්ල­ගේම පරා­ජය මේ ආදී දේවල් වටා මෙය ගෙතී ඇත.

කර්තෘ – සංජී­වනී රූප­සිංහ

ප්‍රකා­ශ­නය – කර්තෘ ප්‍රකා­ශ­න­යකි

මිල – රු350.00

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT