Thursday, May 8, 2025
Home » අරාබි ලෝකයේ වීරයා සදාත් !

අරාබි ලෝකයේ වීරයා සදාත් !

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

එක අතෙ­කින් සාම­යට ළැදි නාය­ක­යකු වූ අන්වර් සදාත් හෙවත් නසාර් තව අතෙ­කින් මාක්ස්වා­දි­යෙකි. අරාබි ලෝකය හා ඊශ්‍රා­ය­ලය අතර පවත්නා සදා­කා­ලික වෛරය සම­හන් කර­න්නට අවංක ප්‍රය­ත්න­යක යෙදුණු ඔහු මෝසේ දයාන් ඉදි­රියේ යුද්ධ­යෙන් පැර­දු­ණේය. නාය­ක­ත්ව­යෙන් ඉල්ලා අස්වු­ණේය. එහෙත් ජන­තාව ඔහුට ඉල්ලා අස්ව­න්නට ඉඩ දුන්නේ නැත. ජන­තාව වීදි බැස නසාර් ඉල්ලා සිටි­යෝය. නසාර්ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආපසු භාර­ග­න්නට සිදු විය.

බේකන් සාමි­ව­රයා සඳ­හන් කරන පරිදි මිනිසා පරි­පූර්ණ තත්ත්ව­යට පත්වන්නේ පොත් කියැ­වීම නිසා ය. මේ වනාහී පරණ කිය­ම­නකි. අපේම වච­න­ව­ලින් කිව­හොත් පට්ට ගැසූ පාඨ­යකි. පසු­ක­ලෙක ඒ වෙනු­වට අලුත් පාඨ­යක් ප්‍රච­ලිත විය. ඒ ‘දැනුම ප්‍රාග්ධ­නය වේ’ යන්නය. එම පාඨ­යෙන් කියැ­වීම ඉස්මතු වන්නේ නැත. පොත් කියැ­වී­මට අම­ත­රව දැනුම හා තොර­තුරු දැන ගැනීම සඳහා තවත් උපා­ය­මාර්ග ඇති නිසා යැයි සිත­න්නට පුළු­වන. කුමක් වුව පොත් කියැ­වීම අව­ලංගු වී නැත. අව­ලංගු වන්නේ ද නැත. විවිධ හේතු මත පොත් කිය­වනු ලැබේ.

මිනිසා පොත් කිය­වන්නේ ඇයි? පොත් කියැ­වීමේ ප්‍රති­ඵ­ලය කුමක් ද? මිනිසා කුමන විලා­ස­ය­කින් පොත් කිය­වන්නේ ද? යනු අපූරු ප්‍රශ්න කිහි­ප­යකි. මේ සඳහා ලැබෙන පොදු උත්තර කිහි­ප­යක් සඳ­හන් කළ හැකිය. (Why we read; what we read?)

  1. දැනුම වර්ධ­න­යට හා තොර­තුරු සම්පා­ද­න­යට තෝරා­ගත් පොත් කියැ­වීම (Book Reading)

    රේමන් විලියම් බේකර්

    රේමන් විලියම් බේකර්

  2. කාලය මිඩංගු කිරීම හා පුරු­ද්දක් පව­ත්වා­ගෙන යෑම සඳහා පොත් කියැ­වීම (Just Reading)

III. විභාග සම­ත්වීම හා ස්වකීය පාණ්ඩි­ත්‍යය උදෙසා පොත් කියැ­වීම නැත­හොත් පොත් අධ්‍ය­ය­නය (Analytical Reading)

  1. වර්ත­මාන ගැටලු වටහා ගැනීම සඳහා අතී­තය හැදෑ­රීම විලා­ස­යක් කර­ගෙන තෝරා­ගත් පොත් හැදෑ­රීම (Reading for Delieacy)

අද අපගේ විමැ­සු­මට ලක්වන්නේ මෙයින් හත­ර­වන විලා­ස­යට අයත් කෘති­යකි. මෙබඳු කෘති බහුල වශ­යෙන් භාවිත වන්නේ, විවිධ විෂ­ය­යන් පිළි­බඳ උන­න්දු­වක් දක්වන බහු­ශ්‍රැ­ත­භා­ව­යට නැඹුරු පාඨ­ක­යන් අතර යැයි කිව හැකිය. කෘතිය අන්වර් සදාත් හා ඊජි­ප්තුවේ දේශ­පා­ල­නය ගැනය. එය “සදාත් ඇන්ඩ් ආෆ්ටර්” ලෙසින් හඳුන්වා ඇත. (Sadat and After) කතු­ව­රයා රේමන්ඩ් විලි­යම් බාකීර්ය. (Regmond William Bakir) මේ කතු­ව­රයා මැද­පෙ­ර­දිග දේශ­පා­ලන කට­යුතු පිළි­බඳ විචා­ර­ක­යකු බව ද අරාබි ජාති­ක­යන්ගේ ඉති­හා­සය හා ශිෂ්ටා­චා­රය පිළි­බඳ ගවේ­ෂ­ක­යකු ලෙස ද ප්‍රක­ටය.

ඉහත සඳ­හන් කෘතිය අදට වැද­ගත් වන්නේ මන්දැ’යි පළ­මුව සඳ­හන් කළ යුතුය. ඊට අදාළ සාධක කිහි­ප­යක් සංක්ෂි­ප්තව දැක්විය හැකිය

  1. පල­ස්තීන ගැට­ලුව

එය ලෝකයේ පැරැ­ණිම දේශ­පා­ලන තුවා­ලය ලෙසින් හැඳින් වේ.

  1. අරාබි සංස්කෘ­තිය, ඉස්ලාම් ආගම හා අරාබි රට­වල දේශ­පා­ල­නය ලෝක මට්ට­මින් සංවා­ද­යට ලක්වීම (එය මේ වන­විට ලෝකයේ ප්‍රධාන මාතෘ­කා­වක් වී ඇත.)

III. ලෝක බල­වතා වූ අමෙ­රි­කාව ඊශ්‍රා­ය­ලය ඔස්සේ අරාබි රට­ව­ලට කරන බල­පෑම දින­පතා ලෝක සංවා­ද­යට ලක් වෙයි.

  1. අරාබි රට­වල ප්‍රමු­ඛයා ලෙසින් ඊජි­ප්තු­වට වැඩි සැල­කි­ල්ලක් ඇත. අන්වර් සදාත් ඊජි­ප්තුව ගොඩ­නැ­ඟී­මට මූලික වූ හොඳම නාය­කයා ලෙස සඳ­හන් කළ යුතුය.

අන්වර් සදාත් යනු නූතන ඊජි­ප්තුව ගොඩ­නැ­ගී­මට මූලික වූ ශක්ති­මත් නාය­ක­ත්වය ලෙස හැඳි­න්වී­මෙහි කිසිදු වර­දක් නැත. ඔහු සාමයේ මැදි­හ­ත්ක­රු­වකු හැටි­යට ද, වාම දේශ­පා­ල­නය නියෝ­ජ­නය කළ තැනැ­ත්තකු හැටි­යට ද, මාක්ස්වා­දි­යකු හැටි­යට ද හඳු­න්වන අය සිටිති. ඒ සෑම හැඳි­න්වී­ම­ක­ටම හේතු සාධක පවතී. අන්වර් සදාත්ට සුවි­ශාල ජන ප්‍රසා­ද­යක් හිමි වී තිබිණි. එලෙ­සම ඔහු අවංක නාය­ක­යෙකි. 1967 අරාබි ඊශ්‍රා­යල් යුද්ධ­යේදී ඊජි­ප්තුව අන්ත පරා­ජ­ය­කට ලක් වූ අතර බර­ප­තළ විනා­ශ­ය­කට ද මුහුණ දුන්නේය. එව­කට මිස­රය ලෙසින් හැඳින් වූ ඊජි­ප්තු­වෙහි නාය­කයා අන්වර් සදාත්ය. ඔහු මේ පරා­ජය ගැන කෙත­රම් කම්පා­වට පත්වූ­යේද යත්; රටේ ජන­තා­ව­ගෙන් සමාව යදි­මින් සිය තන­තු­රෙන් ඉල්ලා අස්විය. එහෙත් ජන­තාව ඊට විරුද්ධ වූහ. විථි බට ජන­තාව ‘අනේ නසාර් අපිව තනි කරන්න එපා!’ යැයි කිය­මින් උද්ඝෝ­ෂණ ව්‍යාපා­ර­යක් ගෙන ගියහ. එහි ප්‍රති­ඵ­ලය වූයේ නසාර්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ආපසු භාර ගැනී­මය. ඊජිප්තු ජන­තාව පම­ණක් නොව සමස්ත අරාබි ලෝක­යම නසාර්ට ගරු කළහ. නිද­සු­නක් දක්ව­තොත් ඉරා­කයේ හිටපු ජනා­ධි­පති පාලක සදාම් හුසේන් ගෞරව කළ එකම අරාබි නාය­කයා අන්වර් සදාත්ය. සදාම් හුසේන් වරක් කියා සිටියේ ඒ මගේ ගුරු­තුමා යන්නය. 1981දී නසාර් ඝාත­න­යට ලක්වන අතර ඔහු­ගෙන් පසු ඊජි­ප්තු­වට එබඳු ජන­ප්‍රිය නාය­ක­යකු හිමි වන්නේ නැත. හොඩ්න් මුබා­රබ් වැනි නාය­කයෝ දීර්ඝ කාල­යක් පාල­නයේ රැඳී සිටිය ද ජන­ප්‍රිය නාය­කයෝ නොවෙති. සදා­ත්ගෙන් පසු ඊජිප්තු දේශ­පා­ල­නයේ වෙන­ස්කම් ගණ­නා­වක් ඇති විය. අවා­ස­නා­ව­කට මෙන් ඒ සිය­ල්ලක් ම රටේ ඉදිරි ගම­නට හා පොදු ජන­ත­වගේ නිද­හ­සට බාධා­වක් ලෙස පැවැ­තිණි.

මේ කෘතිය පළ­වන්නේ අන්වර් සදාත්ගේ මර­ණ­යෙන් වසර නව­ය­කට පසු­වය. පොත කොටස් දෙක­කින් යුතුය. පළමු කොට­සට පරි­ච්ඡේද අටක් ඇතු­ළත්ය. ඊජි­ප්තුව නැවත ගොඩ­නැ­ඟීම, අරාබි ශිෂ්ටා­චා­රය තහ­වුරු කිරීම, නිද­හස උදෙසා සටන් වැදීම, නීතියේ ආධි­ප­ත්‍යය පවත්වා ගැනීම, ආර්ථි­කය ශක්ති­මත් කිරීම ඇතුළු වැද­ගත් ප්‍රශ්තෘත ගණ­නා­වක් මේ පරි­ච්ඡේද අටෙන් සංවා­ද­යට ගෙන ඇත. විද්ව­තුන්ගේ මත දැක්වීම් මෙන්ම රේමන්ඩ්ගේ ගවේ­ෂණ හා පර්යේ­ෂ­ණ­වල ප්‍රති­ඵල ද පොතෙහි සට­හන් වෙයි. අට­වන පරි­ච්ඡේ­ද­යෙන් මුස්ලිම් සහෝ­ද­ර­ත්ව­යට ආම­න්ත්‍ර­ණය කරනු ලැබේ. එය අති­ශය වැද­ගත් පරි­ච්ඡේ­ද­යකි.

අන්වර් සදාත් ඊජි­ප්තුවේ රාජ්‍ය නාය­කයා ලෙස ආම­න්ත්‍ර­ණය කළ ජාතික රැස්වීම් ගණ­නා­වක තොර­තු­රුද එම පරි­ච්ඡේ­ද­යට අයත් ය. අන්වර් සදාත්ගේ දේශ­පා­ලන දෘෂ්ටිය හා ආර්ථික වැඩ­පි­ළි­වෙළ හොඳින් වටහා ගැනී­මට නම් එම පරි­ච්ඡේ­දය හැදෑ­රිය යුතුය. එත­රම් විච­ක්ෂ­ණ­ශීලී ලෙස සදාත්ගේ දැක්ම විග්‍රහ කරන වෙනත් කෘති­යක් අපට හමු වී නැත. බොහෝ දේශ­පා­ලන විචා­ර­ව­ලින් සිදු­වන්නේ රාජ්‍ය නාය­ක­යන්ගේ කැරි­ස්මාව ඕනෑ­ව­ටත් වඩා අති­ශ­යෝ­ක්ති­යෙන් හුවා දැක්වීම මිස ඔවුන්ගේ දර්ශ­නය කුම­ක්දැයි පැහැ­දිලි කර­දීම නොවේ. මේ කර්තෘ­ව­රයා චරිත හුවා­දැ­ක්වීම ඔවුන්ගේ පෞරු­ෂය පිම්බීම වෙනු­වට පුද්ග­ල­යාගේ දැක්ම හා කැප­වීම නිරූ­ප­ණය කර­න්නට උත්සුක වී ඇත.

පොතෙහි දෙවන කොටස ද වැද­ගත් පරි­ච්ඡේද දෙක­කින් සම­න්වි­තය. නව­වන පරි­ච්ඡේ­ද­යෙන් තෙවන ලෝකයේ දේශ­පා­ලන බල­පෑම් ගැන කතා කරයි. දහ­වන පරි­ච්ඡේ­ද­යෙන් දේශ­පා­ලන හා ආර්ථික අර­ගල ගැන උප­ක­ල්ප­නය කරයි. නව­වන පරි­ච්ඡේ­ද­යේදී ඉස්ලාම් දැක්මට අනුව සැබෑ ආද­ර්ශ­වත් කාන්තාව කව­ර­කු­දැයි සංවා­ද­යට ගෙන ඇත. මුස්ලිම් කාන්තා­වගේ නිද­හස හා ඇඳුම ගැන පවා කතු­ව­ර­යාගේ අව­ධා­නය යොමු වී ඇත. මුස්ලිම් තරුණ සංවි­ධා­න­ව­ලට හා මූල­ධ­ර්ම­වා­දීන්ට ද මේ පොතෙන් බොහෝ දේවල් උගත හැකි ය. ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බා­න්ව­රුන් මේ කෘතිය අධ්‍ය­ය­නය කළ යුතු යැයි අපට සිතේ.

අරාබි රට­වල ඒකා­බ­ද්ධ­තාව හා සම­ගිය ඔස්සේ ගෝලීය දේශ­පා­ල­න­යට හා ආර්ථි­ක­යට සාධ­නීය බල­පෑ­මක් කළ හැකි බව ද පල­ස්තීන ඊශ්‍රා­යල් අර්බු­දය විසඳා ගැනී­මට මූලෝ­පා­යික ක්‍රම­වේ­ද­යක් නිර්මා­ණය කර­ගත හැකි බවත් පිළි­ගත් සත්‍ය­යකි. ඒ පම­ණක් නොව සිරි­යාවේ ලිබි­යාවේ  බිඳ­වැ­ටීම්, ජෝර්දා­නයේ හා ලෙබ­න­නයේ ආර්ථික පසු­බෑම පම­ණක් නොව; ඉරා­න­යට බල­පාන සම්බා­ධක පවා වෙනස් කර­ගත හැකි බවත් පිළි­ගත් සත්‍ය­යකි. මේ සඳහා ශක්ති­මත් නාය­ක­ත්ව­යක් ගොඩ­න­ඟා­ගත යුතුය. රේමන්ඩ්ගේ කෘති­යෙන් ද ඒ බව සනාථ වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාල­යත් සමඟ මැද­පෙ­ර­දිග අවුල, ගාසා තීරයේ ගැටුම් මෙන්ම රුසි­යන් – යුක්රේන යුද්ධය ද නිමා­වට පත්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එබඳු පුරෝ­ක­ථන ඉදි­රි­පත් වූ අතර ට්‍රම්ප් වසරේ මිනිසා ලෙස නම් කරනු ලැබීය. එහෙත් පුරෝ­ක­තන මහ­පො­ළොවේ යථා­ර්ථ­යක් බවට පත් වූයේ නැත. රුසි­යන් – යුක්රේන යුද්ධ­යට වසර තුනකි. සටන් විරාම හෝ සාම සාකච්ඡා හෝ අපේ­ක්ෂිත අයු­රින් ඉටු­වන්නේ නැත. පල­ස්තීන ගැටුම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ හැරෙ­න්නට ගෝලීය වෙළෙඳ යුද්ධ­යක් ද ආරම්භ වී තිබේ. සමස්ත ලෝක­යම පව­තින්නේ අර්බු­ද­කාරී තත්ත්ව­යක් මැදය. මේ සන්ද­ර්භය තුළ විශ්ව­වි­ද්‍යාල පර්යේ­ෂණ සඳහා අමෙ­රි­කන් රජය ලබා දෙන ආධාර කපා හැරී­ම­ටත් ලෝක සෞඛ්‍ය සංවි­ධා­න­යට ලබා දෙන ආධාර කපා හැරී­ම­ටත් ට්‍රම්ප් පිය­වර ගෙන තිබේ. පවත්නා සන්ද­ර්භය තුළ බල­යෙන් හීන රට­වල් බල­වත් අසී­රු­ව­කට පත්ව සිටිති. මෙබඳු අවා­ස­නා­වන්ත තත්ත්ව­යක් තුළ ලෝකය වටහා ගැනීම වඩාත් වැද­ගත් බුද්ධි­මය කාර්ය­යක් සේ සැල­කිය හැකිය. ඒ සඳහා මෙබඳු පොත් පරි­ශී­ල­නය කළ යුතුය. අධ්‍ය­ය­නය කළ යුතුය.

රන්ජන් අම­ර­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT