Home » හලෝ ….මේ වන් වන් නයින් ද?

හලෝ ….මේ වන් වන් නයින් ද?

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

මේ කියන්නේ ගාල්ල නගර සීමාවේ පදිංචි කෙනෙක් ගැනයි.ඔහු, දින­ප­තාම වගේ සැරේට අඩි­යක් පුඩි­යක් ගහන හැට පැන්නත් බිම නොයන ජාතියේ කෙනෙකි. මෙදා සති අන්ත­යට හොඳ වයින් අඩි­යක් ගහන්න හිතා­ගත් ඔහු උදේම ගියේ තැබෑ­රු­ම­ටය. හෙමි­හිට කාලේ බෝත­ල­යක් ගත් ඔහු  ගෙද­රට ආවේ කට­ගැ­ස්මක් හදා­ගන්න හිතා­ගෙ­නය. කට­ගැස්ම හද­න්නත් කලි­යෙන්ම බෝතලේ හිස් වුණේ ඔහු­ටත් නොදැ­නී­මය.

‘මේක හරි ගියේ නෑනේ. පදම මදි වගේ “තම­න්ටම කියා­ගත් ඔහු ගමේ පැත්තේ සුපු­රුදු තැන­කට ගියේ තව ටිකක් ගොඩින් සප්පා­යම් වෙන්න හිතා­ගෙ­නයි.

පෝලි­මත් ටිකක් දිගයි. හැබැයි වැඩි වෙලා­වක් ගත වුණේ නෑ. බෝත­ල­යක් පුරව ගත්ත ඔහු ආයි­මත් අඩි­යට දෙකට ගෙද­රට ආවේ ඒකෙ­න්වත් පදම පුර­වා­ගන්න හිතා­ගෙ­නය.

‘අපෝ. මේකත් අද හරි­යට ඇල්ව­තුර වගේ. ගාණ වැඩි­ක­රලා. ඒත් ප්‍ර‍මිතිය බාලයි. මේක නිකං අත­අ­රින්න හොඳ නෑ. හිට­පන්කෝ මං හොඳ වැඩක් කරන්න“කැලෑ පානෙන් කුල්මත් නොවුණු ඔහු තනි­යම තීර­ණ­යක් ගත්තේය. ළඟ තිබුණු සෙල්ෆෝ­නය අතට ගත් ඔහු ඇම­තුවේ පොලිස් හදිසි ඇම­තුම් ඒක­ක­ය­ටය.

‘‘හලෝ… මේ වන් වන් නයින් ද?“

‘‘ඔව්.පොලිස් හදිසි ඇම­තුම් ඒක­කය. මොකක්ද ප්‍ර‍ශ්නය මහ­ත්තයා”

‘‘මම කතා කරන්නේ අහ­වලා… මගේ එඩ්‍රස් එක මේක… ‘‘ ඔහු මහ වැද­ග‍ෙ­තක් ලෙස කීය.

‘ඔව් මහ­ත්තයා මොකක්ද සිද්ධිය?“

‘සිද්ධිය තමයි මේ කියන්න යන්නේ. මේ හලෝ … මම අර අහ­වල් තැනින් බොන්න කසිප්පු බෝත­ල­යක් ගත්තා. කට කපලා පුර­වලා ගත්තේ. අනේ මහ­ත්තයෝ කියන්න දෙයක් නෑ. කටේ තියන්න බැරි තරම් බාලයි. ඒත් මුං ගාණ වැඩි කරලා. වෙනදා වගේ සැර නෑ. බාල බඩු. ඇල්ව­තුර වගේ.. මුන්ට හොඳ පාඩ­මක් උග­න්නන්න සර්. උන්ව අල්ලලා නඩු දාන්න සර්. කරු­ණා­ක­රලා. අපිට බාල බඩු පොව­න­වට.”

‘හරි මහ­ත්තයා.. මේක පැමි­ණි­ල්ලක් විදි­හට ලියා­ග­න්නද?”

‘‘ඔව්. මේක පැමි­ණි­ල්ලක් තමයි. සර් මේක ලියා­ගන්න. උන්ට හොඳ පාඩ­මක් උග­න්වන්න ඕනෑ.”

පොලිස් හදිසි ඇම­තුම් ඒක­කය මේ සිද්ධිය වහාම දැනුම් දුන්නේ ගාල්ල පොලී­සි­ය­ටය.

දැන් විම­ර්ශ­නය කරන්නේ ගාල්ල පොලී­සිය. මේ කියන තැනැ­ත්තාට දැන් ගාල්ල පොලී­සි­යෙන් තමයි දුර­ක­තන ඇම­තුම එන්නේ.‘‘සර්, මම ගාල්ල පොලී­සි­යෙන්. බොහොම ස්තුතියි. ඔබ­තුමා දීපු තොර­තු­රට. අපි දැන්ම එනවා ඔබ­තුමා හමු­වෙන්න. ඔබ­තුමා ගත් බෝතලේ තියෙ­න­වාද?

‘‘ඔව් මහ­ත්තයෝ මම කටේ තිබ්බා විත­රයි. ඉතිරි ටික එහෙම්ම තියෙ­නවා.”

‘හරි. මේ බෝතලේ රස පරී­ක්ෂ­කට යොමු කර වාර්තා­වක් ගන්න ඕනෑ. ඔබ­තුමා ඕක අපේ භාර­යට දෙන්න.”

‘හරි මහ­ත්තයෝ ඉක්ම­නට එන්න.”

ඒ වන විටත් පොලී­සිය ඔහුගේ නිවෙස ඉදි­රි­පිට සිටි­යේය.

‘හරි  මහ­ත්තයා අපි මේක රස පරී­ක්ෂ­කට යව­න්නම්. මේකේ පැමි­ණිල්ල ලියා­ගන්න ඔයත් එන්න පොලී­සි­යට” යැයි කියූ නිල­ධා­රීන් ඔහු කුද­ලා­ගෙන පොලිස් ජීප් රියට දාග­ත්තේලු.

පොලී­සි­යට ගෙනා බෝත­ලේට සිල් වැදුණි. අව­සා­නයේ පොලිස් ඇප මත ගෙදර එන්න ඔහුට සිදු විය.

 

ගාල්ල දිසා සමූහ – නන්ද­සිරි වැලි­ග­මගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT