Thursday, May 8, 2025
Home » පාකි­ස්තාන කාශ්මී­රයේ ත්‍රස්ත­වා­දීන් ඉලක්ක කර­මින් ඉන්දීය හමු­දාව ‘සින්දූර් මෙහෙ­යුම’ අර­ඹයි

පාකි­ස්තාන කාශ්මී­රයේ ත්‍රස්ත­වා­දීන් ඉලක්ක කර­මින් ඉන්දීය හමු­දාව ‘සින්දූර් මෙහෙ­යුම’ අර­ඹයි

by Gayan Abeykoon
May 8, 2025 1:26 am 0 comment

මිනිත්තු 25කදී ත්‍රස්ත මධ්‍ය­ස්ථාන 9කට ගුවන් ප්‍රහාර 24ක්

ත්‍රස්ත­වා­දීන් 70ක් මියගිය බව ඉන්දි­යාව කියයි

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහා­ර­යත් සමඟ දකුණු ආසි­යානු කලා­පයේ පැතිරී ගිය ඉන්දු – පාකි­ස්තා­නය යුද උණු­සුම දරුණු අතට හරවා තැබූ ඉන්දීය හමු­දාව පාකි­ස්තාන කාශ්මී­රයේ ත්‍රස්ත ඉලක්ක 9ක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා (7) අලු­යම 1.05ත්, 1.30ත් අතර ගත වූ මිනිත්තු 25ක කෙටි කාල­යක් තුළ ඉන්දීය යුද හා ගුවන් හමුදා පාකි­ස්තාන කාශ්මී­රයේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 24ක් එල්ල කළ බවත්, එම ප්‍රහා­ර­ව­ලින් ත්‍රස්ත­වා­දීන් 70 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත් ඉන්දි­යාවේ එන්ඩී­ටීවී පුවත් සේවය වාර්තා කළේය. මිනිත්තු 25ක් පුරා අඛ­ණ්ඩව ප්‍රහාර සිදු කළද, කිසිදු අයු­ර­කින් පාකි­ස්තාන හමුදා කඳ­වු­රක් හෝ ගොඩ­නැ­ඟි­ල්ලක් ඉලක්ක කර නොගත් බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇතැයි එන්ඩී­ටීවී පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රහා­ර­ව­ලින් තවත් 60කට අධික ත්‍රස්ත­වා­දීන් පිරි­සක් තුවාල ලබා ඇති බවට ඉන්දීය හමු­දාව අනු­මාන කරන අතර, ඔත්තු බැලීමේ ඩ්‍රෝන ඔස්සේ කලින් තහ­වුරු කර­ගත් පරිදි සිවිල් වැසි­යන්ට හානිය අවම වන ආකා­ර­යෙන් ප්‍රහා­රය සිදු කළ බවද නිවේ­ද­නය කර තිබේ.

‘සින්දූර් මෙහෙ­යුම’ නමින් හඳු­න්වනු ලැබූ එම ගුවන් ප්‍රහා­රය සම්බ­න්ධව ඊයේ නව­දිල්ලි නුව­රදී මාධ්‍ය හමු­වක් පවත්වා ඇති අතර, ඊට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි, කර්නල් සොෆියා කුරේෂි සහ වින්ග් කමා­න්ඩර් වෝමිකා සිං සහ­භාගි වූ බව එන්ඩී­ටීවී පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

කාශ්මීර ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු ඉන්දි­යා­වට එරෙ­හිව තවත් ප්‍රහාර එල්ල වීමට නිය­මිත බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දුන් බව මෙහිදී අද­හස් දැක්වූ ඉන්දීය විදේශ ලේක­ම්ව­රයා ප්‍රකාශ කර ඇති අතර, සින්දූර් මෙහෙ­යුම ක්‍රියා­ත්මක කරනු ලැබුවේ ත්‍රස්ත තර්ජ­නය ඉවත් කිරීම සහ වැළැ­ක්වීම අර­මුණු කර­මින් බව ඔහු සඳ­හන් කර තිබේ. දේශ­සීමා ත්‍රස්ත­වා­දය තුරන් කිරී­මට සහ ඉවත් කිරී­මට ඉන්දි­යා­වට ඇති අයි­තිය එම මෙහෙ­යු­මෙන් පාකි­ස්තා­න­යට පෙන්වා දුන් බව ද ඉන්දීය විදේශ ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. ගුවන් ප්‍රහා­රය එල්ල කර ඇත්තේ ජම්මු කාශ්මීර ප්‍රහා­ර­යට වග­කිව යුතු ලෂ්කරී තයිබා සංවි­ධාන ඉලක්ක වෙත බවද වාර්තා වේ.

ත්‍රස්ත­වාදී කඳ­වුරු පව­ත්වා­ගෙන යන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් දිගු කාල­යක් පුරා සැක කරනු ලැබූ පාකි­ස්තාන කාශ්මී­රයේ මුසා­ෆ­රා­බාද්, කොට්ලි, බහ­ව­ල්පූර්, රාව­ල්කෝට් ඇතුළු ස්ථාන ගණ­නා­ව­කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ස්ථාන­වල ලෂ්කරී තයිබා ත්‍රස්ත සංවි­ධා­නය සහ ජයිෂී මොහො­මඩ් ත්‍රස්ත සංවි­ධා­නය ඒකා­බ­ද්ධව පුහුණු කඳ­වුරු පව­ත්වා­ගෙන ගිය බවට ඉන්දීය බුද්ධි අංශ තහ­වුරු කර ඇතැයි එන්ඩී­ටීවී පුවත් සේවය සඳ­හන් කළේය.

ඉන්දීය රජයේ ප්‍රකා­ශ­ය­කට අනුව සියලු ප්‍රහාර නිය­මිත ඉල­ක්කය කරා යොමුවී ඇති අතර, ත්‍රස්ත­වා­දීන්ගේ ඔත්තු බැලීමේ මධ්‍ය­ස්ථාන, පුහුණු කඳ­වුරු සහ අවි ගබඩා විනාශ කිරී­මට සමත් වී තිබේ.

පාකි­ස්තා­න­යට අයත් කාශ්මීර් කලා­පය කේන්ද්‍ර කර­ගත් ත්‍රස්ත කඳ­වුරු වෙත ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පසු­ගි­යදා පාකි­ස්තාන ත්‍රස්ත­වා­දීන් ජම්මු කාශ්මී­ර­යේදී සංචා­ර­ක­යන් 26 දෙනකු ඝාත­නය කිරීමේ සිදු­වී­මට ප්‍රති­චාර දැක්වී­මට බව එන්ඩී­ටීවී පුවත් සේවය සඳ­හන් කළේය. පසු­ගිය දශක තුන ඇතු­ළත පාකි­ස්තා­නය බඳවා ගැනීමේ මධ්‍ය­ස්ථාන, පුහුණු කඳ­වුරු ඇතු­ළත්ව ත්‍රස්ත­වා­දීන්ට යටි­තල පහ­සු­කම් සැපයූ බවත්, සින්දූර් මෙහෙ­යුම ආරම්භ කරනු ලැබුවේ අනා­ග­ත­යේදී කාශ්මී­රයේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනී­මට බවත් කර්නල් සොෆියා කුරේෂි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT