Thursday, May 8, 2025
Home » ‘හමුදා ක්‍රියා­මාර්ග අත්හි­ටු­වන්න: රාජ්‍ය­තා­න්ත්‍රි­කව ගැටලු විස­ඳන්න’

‘හමුදා ක්‍රියා­මාර්ග අත්හි­ටු­වන්න: රාජ්‍ය­තා­න්ත්‍රි­කව ගැටලු විස­ඳන්න’

ලෝක රාජ්‍ය නාය­කයෝ දෙපා­ර්ශ්ව­යෙන් ඉල්ලති

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර උද්ගත වූ යුද­මය වාතා­ව­ර­ණය දකුණු ආසි­යාවේ න්‍යෂ්ටික යුද්ධ­යක් දක්වා පුළුල් විය හැකි බවට අන­තුරු අඟ­ව­මින් රාජ්‍ය­තා­න්ත්‍රික මාර්ග හරහා අර්බුද විසඳා ගන්නා ලෙස ලොව පුරා රට­වල් රැසක රාජ්‍ය නාය­ක­යන් ඉන්දි­යා­වෙන් සහ පාකි­ස්තා­න­යෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීර් ත්‍රස්ත ප්‍රහා­ර­යට වග­කිව යුතු ක්‍රියා­මාර්ග ඉන්දි­යාව මෙන්ම පාකි­ස්තා­න­ය ද ඒකා­බ­ද්ධව සිදු කළ යුතු බවත්, දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික සාකච්ඡා පැවැ­ත්විය යුතු බවත් රට­වල් රැසක් ප්‍රකාශ කර ඇති අතර, දකුණු ආසි­යාවේ සාමය පව­ත්වා­ගෙන යෑමේ වග­කීම ඇති රට­වල් දෙකක් වන ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය සංවාද හරහා මනා සංය­ම­ය­කින් යුතුව මේ මොහොතේ කට­යුතු කළ යුතුව ඇතැයි අව­ධා­ර­ණය කර තිබේ. දකුණු ආසි­යානු කලා­පයේ යුද උණු­සුම ඉහළ නැංවූ මේ සිදු­වීම සම්බ­න්ධව සමී­පව නිරී­ක්ෂ­ණය කරන බව අමෙ­රි­කාව සහ චීනය ප්‍රකාශ කර ඇති අතර, ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර සාමය උදා­කි­රීම සඳහා අවශ්‍ය සියලු ආකා­ර­යෙන් සහ­යෝ­ගය ලබා ­දී­මට ඉදි­රි­ප­ත්වන බව බ්‍රිතාන්‍ය අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ජපා­නය, කටාර්, එමි­රේට්ස්, ජර්ම­නිය, ප්‍රංශය ඇතුළු රට­වල් රැසක් හමුදා ක්‍රියා­මාර්ග අත්හි­ටු­වන ලෙසත්, රාජ්‍ය­තා­න්ත්‍රික සාකච්ඡා මාර්ග­යෙන් ගැටලු විසඳා ගන්නා ලෙසත් ඉන්දි­යා­වෙන් සහ පාකි­ස්තා­න­යෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT