Thursday, May 8, 2025
Home » ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට පුටි­න්ගෙන් දුර­ක­තන ඇම­තු­මක්

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට පුටි­න්ගෙන් දුර­ක­තන ඇම­තු­මක්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ අප­රා­ධ­ක­රු­වන් හා ඔවුන්ගේ ආධා­ර­ක­රු­වන් නීතිය හමු­වට ඉදි­රි­පත් කර වින්දි­ත­යන්ගේ පවු­ල්ව­ලට යුක්තිය ඉටු කරන ලෙස රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් ඉන්දීය අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කළ බව හින්දු පුව­ත්පත වාර්තා කළේය. පසු­ගිය සඳුදා ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් ලබා­ දෙ­මින් පුටින් මේ ඉල්ලීම කර ඇති බවත්, ත්‍රස්ත ප්‍රහා­රය හෙළා දකින බවට ප්‍රකා­ශ­යක් ද නිකුත් කළ බවත් හින්දු පුව­ත්පත වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවිත අහි­මි­ වූ­වන් වෙනු­වෙන් සිය ශෝකය පළ කළ රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා ත්‍රස්ත­වා­ද­යට එරෙහි සට­නේදී ඉන්දි­යා­වට පූර්ණ සහ­යෝ­ගය පළ කළ බව වාර්තා වේ.  මේ වසරේ අග­භා­ගයේ ඉන්දි­යාවේ පැවැ­ත්වී­මට නිය­මිත ඉන්දීය- රුසියා වාර්ෂික සමු­ළු­වට පැමි­ණෙන ලෙස එහිදී ඉන්දීය අග­මැ­ති­ව­රයා පුටින්ට ඇරි­යුම් කළ බවත්, මොස්කව් නුව­රදී හෙට (9) සම­රනු ලබන දෙවැනි ලෝක මහා යුද්ධයේ 80 වැනි විජ­ය­ග්‍ර­හණ සැම­රුම වෙනු­වෙන් සුබ­පැ­තුම් ද එක් කළ බවත් හින්දු පුවත් සේවය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT