Thursday, May 8, 2025
Home » භූක­ම්ප­න­යෙන් විනාශ වූ බැංකොක් ගොඩ­නැ­ඟි­ල්ලෙන් රජ­යට බාට් බිලි­යන 2.1ක පාඩු­වක්

භූක­ම්ප­න­යෙන් විනාශ වූ බැංකොක් ගොඩ­නැ­ඟි­ල්ලෙන් රජ­යට බාට් බිලි­යන 2.1ක පාඩු­වක්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

මිය­න්මා­රයේ පසු­ගිය මාර්තු අග­භා­ගයේ සිදුවූ භූක­ම්ප­න­යෙන් තායි­ල­න්තයේ බැංකොක් නුවර ඉදි කර­මින් පැවැති ගොඩ­නැ­ඟිල්ල බිඳ වැටී­මෙන් තායි රජ­යට එරට මුද­ලින් බාට් බිලි­යන 2.1ක පාඩු­වක් සිදුවී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි. භූක­ම්ප­න­යෙන් බිඳ වැටෙන විට ඉදි­කි­රීම් කට­යු­තු­ව­ලින් 30%ක් අව­සන් කර තිබූ මහල් 30 කින් සම­න්විත එම ගොඩ­නැ­ඟිල්ලේ ප්‍රමි­තිය පිළි­බඳ බර­ප­තළ චෝදනා එල්ල වී ඇතැයි ද බැංකොක් පෝස්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. තායි­ල­න්තයේ විග­ණක කාර්යාල සංකී­ර්ණය වෙනු­වෙන් ඉදි­ක­ර­මින් තිබූ එම ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් භාරව සිටි චීන­යට අයත් සමා­ග­මක් සමඟ තායි විග­ණන දෙපා­ර්ත­මේ­න්තුව අත්සන් තබනු ලැබූ ගිවි­සුම අභි­යෝ­ග­ය­කට ලක්ක­ර­මින් නොසැ­ල­කි­ලි­ම­ත්භා­වය හා රාජ­කා­රිය පැහැර හැරීම සම්බ­න්ධව විග­ණ­කා­ධි­පති මොන්ටි­යන් චරො­යි­න්ෆොල්ට එරෙ­හිව බැංකොක් පොලී­සි­යට පැමි­ණිලි ලැබී ඇතැයි ද වාර්තා වේ.

බිඳ වැටුණු ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් සඳහා භාවි­ත­යට ගෙන ඇත්තේ තායි ආර­ක්ෂක ප්‍රමි­තීන් උල්ලං­ඝ­නය කිරීම හේතු­වෙන් ඊට මාස කිහි­ප­ය­කට පෙර වසා දැමී­මට නියෝග කළ රයොන්ග් පළාතේ කර්මා­න්ත­ශා­ලා­වක නිෂ්පා­ද­නය කළ වානේ බව පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළි වී ඇති බවත්, වසා දැමී­මට නියෝග කළ ද එහි නිෂ්පා­දන කට­යුතු අඛ­ණ්ඩව සිදු­කර ඇති බව කර්මා­න්ත­ශා­ලාවේ නව­තම විදුලි බිල්ප­ත්ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය සඳ­හන් කළේය. ජීවිත 62ක් බිලි ගනි­මින් ද, තවත් ජීවිත 32ක් අතු­රු­දන් කර­මින් ද භූක­ම්ප­න­යෙන් විනාශ වූ ගොඩ­නැ­ඟිල්ලේ සුන්බුන් ඉවත් කිරි­මේදී මළ­සි­රුරු කොටස් 250කට අධික සංඛ්‍යා­වක් ද සොයා­ගෙන ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT