චීනයට පනවනු ලැබූ 145%ක තීරුබදු ඔවුන් සාකච්ඡා මේසයට කැඳවීම වෙනුවෙන් අඩු නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සිය පෞද්ගලික වතුයායේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. තීරුබදු සම්බන්ධව සාකච්ඡාවක් අවශ්‍ය බව චීනය දැනුම් දී ඇති බවත්, ඒ පිළිබඳ සතුටට පත් නොවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තීරුබදු ඉහළ නැංවීමෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද, එරට කර්මාන්තශාලා වැසී යෑමට පටන්ගෙන ඇතැයි ද සඳහන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එවැනි ඉරණමක් අත්කර දීම තම අරමුණ නොවූ බව ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එහෙත් චීනයට තවදුරටත් අමෙරිකාවෙන් ඩොලර් බිලියන සිය ගණනක් උපයා ගැනීමට මෙන්ම යුද නෞකා සහ ප්‍රහාරක ගුවන්යානා නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ඉඩ ලබා නොදෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.