Thursday, May 8, 2025
Home » සාකච්ඡා මේස­යට කැඳවා ගැනීමේ අර­මු­ණින් චීන­යට එරෙහි තීරු­බදු අඩු කරන්නේ නෑ

සාකච්ඡා මේස­යට කැඳවා ගැනීමේ අර­මු­ණින් චීන­යට එරෙහි තීරු­බදු අඩු කරන්නේ නෑ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකා­ශ­යක්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

චීන­යට පන­වනු ලැබූ 145%ක තීරු­බදු ඔවුන් සාකච්ඡා මේස­යට කැඳ­වීම වෙනු­වෙන් අඩු නොක­රන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ පිහිටි සිය පෞද්ග­ලික වතු­යා­යේදී මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. තීරු­බදු සම්බ­න්ධව සාක­ච්ඡා­වක් අවශ්‍ය බව චීනය දැනුම් දී ඇති බවත්, ඒ පිළි­බඳ සතු­ටට පත් නොවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. තීරු­බදු ඉහළ නැංවී­මෙන් චීන ආර්ථි­ක­යට දැඩි බල­පෑම් එල්ල වී ඇතැයි ද, එරට කර්මා­න්ත­ශාලා වැසී යෑමට පට­න්ගෙන ඇතැයි ද සඳ­හන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන­යට එවැනි ඉර­ණ­මක් අත්කර දීම තම අර­මුණ නොවූ බව ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.  එහෙත් චීන­යට තව­දු­ර­ටත් අමෙ­රි­කා­වෙන් ඩොලර් බිලි­යන සිය ගණ­නක් උපයා ගැනී­මට මෙන්ම යුද නෞකා සහ ප්‍රහා­රක ගුව­න්යානා නිෂ්පා­ද­නය ඉහළ නංවා ගැනී­මට ඉඩ ලබා නොදෙන බව අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මාධ්‍ය හමු­වේදී ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT