නිරිතදිග චීනයේ ගුයිෂෝ ප්‍රාන්තයේ ගංගාවක බෝට්ටු 4ක් පෙරළීමෙන් එහි ගමන්ගත් සංචාරකයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. කියැංෂි ගංගාවේදි සිදුවූ මේ අනතුරින් එම බෝට්ටුවල සිටි සංචාරකයන් 84 දෙනකු ගඟට වැටී ඇති අතර, ඉන් 70 දෙනකු තුවාල ලබා රෝහල්ගත කිරීමටත්, අතුරුදන්වූ බවට අනුමාන කළ තවත් සිවුදෙනකු නිරුපද්‍රිතව බේරා ගැනීමටත් ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වී ඇතැයි ද වාර්තා වේ.
බෝට්ටු අනතුර වාර්තා වීමත් සමඟ චීන ජනාධිපති ෂි ජින්පින් අනතුරට ලක්වූවන් මුදා ගැනීමට සහ තුවාල ලැබූ පුද්ගලයන් වහාම රෝහල්ගත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බව ෂිංහුවා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වු කියැංෂි ගංගාවේ බෝට්ටු සවාරියේ මෙන්ම වෙනත් පළාත්වල සංචාරය කරන පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.