Home » ඉන්දීයාවට නිසි ප්‍රතිචාර දක්වන බවට පකිස්තාන අගමැතිගෙන් ප්‍රකාශයක්

ඉන්දීයාවට නිසි ප්‍රතිචාර දක්වන බවට පකිස්තාන අගමැතිගෙන් ප්‍රකාශයක්

by chanaka
May 8, 2025 10:27 am 0 comment

ප්‍රහාරයට පැමිණි ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා සිය ගුවන් ආරක්ෂක පද්ධති මතින් බිම හෙලීමෙන් ඉන්දියානු ප්‍රහාරට වලට නිසි ප්‍රතිචාර දක්වා ඇති බව පකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ශරීෆ් පවසයි.

සිය ජනතාව අමතමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ශරීෆ් පැවසුවේ එරට ආරක්ෂාව සඳහා, යුද හමුදාව සහ ජනතාව, සැමවිටම එක්සත්ව සිටිම අවශ්‍ය බවයි.

රටේ ආරක්ෂාව සඳහා, පකිස්ථාන ජනතාවගේ ධෛර්යය අවශ්‍ය බවත් සියලුම අභියෝග ජයගන්නා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියානු ජෙට් යානා 5ක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමෙන් ඉන්දියානු ප්‍රහාරට වලට නිසි ප්‍රතිචාර ලබා දුන් බවද ඔහු අවධාරණය කර තිබේ.

බිම හෙළන ලද ගුවන් යානා අතර ප්‍රංශයේ නිෂ්පාදිත නවීන බහුකාර්ය ප්‍රහාරක යානා තුනක් මෙන්ම මිග්-29 සහ SU-30 ප්‍රහාරක යානයක් ද ඇතුළත් බව පකිස්ථාන හමුදාව පවසයි.

කෙසේවෙතත් ඉන්දියානු රජය මෙය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාවේ කාශ්මීර දේශසීමාව හරහා පකිස්තාන හමුදා එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ඉන්දියානු සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දියාව සදහන් කර තිබේ.

මේ අතර පකිස්තාන බලධාරීන් පවසන්නේ ඊයේ දින එල්ල කරන ලද ඉන්දියානු ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 31 දක්වා ඉහල ගොස් ඇති බවයි.

ඉන්දියානු පකිස්තාන අර්බුදය පිළිබඳව ලෝක නායකයින් අදහස් දක්වා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අර්බුදකාරී තත්වය පිළිබඳව සිය කණගාටුව පළ කරමින් එය “ලැජ්ජාවට කරුණක්” බව සදහන් කොට තිබේ.

දෙපාර්ශ්වය මිට දශක ගණනාවක් තිස්සේ ගැටුම්වල යෙදී සිටි බවත්, තත්ත්වය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් පැවසීය.

අප්‍රේල් 22 වන දින පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස දකින අතර දෙරටේම පාලනයෙන් මිදිය හැකි යුදමය ගැටුමක් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT