Home » යකඩ පොල්ල­කින් පහ­ර දී පියා මැරූ අජා­සත්ත පුතෙක් මකු­ළු­ග­ස්වැ­වෙන් අල්ලයි

යකඩ පොල්ල­කින් පහ­ර දී පියා මැරූ අජා­සත්ත පුතෙක් මකු­ළු­ග­ස්වැ­වෙන් අල්ලයි

by Gayan Abeykoon
May 8, 2025 1:06 am 0 comment

සීගී­රිය විශේෂ

ගලේ­වෙල, මකු­ළු­ග­ස්වැව ප්‍රදේ­ශයේ පියකු සහ පුතකු අතර ඇති වූ ගැටු­මක් අත­ර­තුර පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහ­ර­කින් පියා මිය­යාමේ සිද්ධි­යක් වාර්තා වී ඇතැයි මකු­ළු­ග­ස්වැව පොලී­සිය කියයි.

මෙම ඝාත­නය සැඟ­වීම සඳහා රාත්‍රියේ සිට උදෑ­සන දක්වා පුතා සැල­සුම් සකස් කර ඇති අතර, අස­ල්වැසි කාන්තා­ව­ක­ගෙන් ඊට උදව් ඉල්ලා ඇතැයි ද පොලී­සිය පව­සයි.

පියා බිම ඇද­වැටී මර­ණ­යට පත් වූ බව පෙන්වී­මට අස­ල්වැසි ඥාතීන්ගේ උදව් ඉල්ලීමේ දී එම ඥාතීන් ඊට විරුද්ධ වී සිද්ධි­යට සම්බ­න්ධ­යෙන් නීති­මය පිය­වර ගෙන තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ ගලේ­වෙල, මකු­ළු­ග­ස්වැව, හතරේ කණුව ප්‍රදේ­ශයේ පදිංචි සමන් ප්‍රියන්ත පනස් තුන් හැවි­රිදි දෙදරු පි‍ෙයකි.

මෙම නි‍ෙවසේ මිය­ගිය පුද්ග­ල­යාගේ බිරිය සහ පහර දුන් බව කියන පුතා ජීවත්ව සිටි බව මකු­ළු­ග­ස්වැව පොලී­සිය කියයි.

නිතර නිතර මත්පැන් පානය කොට මෙම පියා සහ පුතා අතර ගැටුම් ආර­වුල් හට­ගෙන අවස්ථා ගණ­නා­ව­කදී පොලී­සිය සම­ථ­ය­කට පත් කොට තිබෙන බව ද මකු­ළු­ග­ස්වැව පොලී­සිය කියයි.

ඒ අනුව මෙම දෙදෙනා ඉකුත් 05 වැනි දින රාත්‍රියේ ගැටු­මක් ඇති කර­ගෙන තිබෙන බවත් පසුව නි‍ෙවසේ තිබුණු යකඩ මුගු­ර­කින් පියාට පහ­රක් එල්ල කොට කාම­ර­යට දමා ඇතැයි පොලී­සිය කියයි.

පසු දිනක මෙම පුද්ග­ලයා මිය­ගොස් ඇති බව පොලී­සි­යට දැන­ග­න්නට ලැබී ඇත්තේ ප්‍රදේ­ශ­වා­සී­න්ගෙනි. මෙම නි‍ෙවසේ සිටි මව සහ පහර දුන් බව කියන පුතා අස­ල්වැසි ඥාතී නි‍ෙව­ස­කට ගොස් තමන්ට හිරේ යෑමට සිදු­වන බවත් පියාට රාත්‍රියේ පහ­රදී ඝාත­නය වූ බව ප්‍රකාශ කර­මින් තම පියා ඇද­වැටී මැරුණු බව ප්‍රකාශ කර­න්නැයි ඔවුන් ඥාතී­න්ගෙන් ඉල්ලා ඇත, කෙසේ වෙතත් ඊට විරෝ­ධය ප්‍රකාශ කර සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට දැනු­ම්වත් කර තිබේ.

මළ සිරුර ඔහු විසූ නි‍ෙවසේ කාම­ර­යක දමා තිබුණු අතර සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් මේවන විට ස්ථාන පරී­ක්ෂ­ණය සිදු­ක­ර­මින් සිටිති.

පියා ඝාත­නය කළ බවට සැක කරන පුතා අත්අ­ඩං­ගු­වට ගත් බව මකු­ළු­ග­ස්වැව පොලී­සිය සඳ­හන් කර සිටියි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT