Home » මහ­වැලි ගඟේ ගසා ගෙන ආ පුද්ග­ල­යෙක් මහි­යං­ග­ණය පොලී­සියෙන් බේරා ගැනේ

මහ­වැලි ගඟේ ගසා ගෙන ආ පුද්ග­ල­යෙක් මහි­යං­ග­ණය පොලී­සියෙන් බේරා ගැනේ

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

මාපා­ක­ඩ­වැව සමූහ එච්.එම්. රංජිත් කරු­ණා­විර
ජීවි­ත­යක් බේරා­ගත් පොලිස් නිල­ධාරී කණ්ඩා­යම

හි­යං­ගණ මහ­වැලි ගඟේ සැඩ­ප­හ­රට හසුවී ගසා­ගෙන ආ පුද්ග­ල­යකු, මහි­යං­ගණ පොලි­ස් ස්ථා­නයේ ස්ථානා­ධි­ප­ති­තුමා ඇතුළු පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් එක්ව ඊයේ (07) දින උදෑ­සන බේරා ගැනී­මට සමත්ව ඇත.

මහ­වැලි ගඟේ දිය­ප­හ­රට හසුව කිසි­යම් අයකු ගසා­ගෙන යන බවට මහි­යං­ගණ පොලි­ස් ස්ථා­නයේ ස්ථානා­ධි­පති ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ආර්. වික්‍ර­ම­රත්න මහ­තාට දුර­ක­තන ඇම­තු­මක් ලැබී තිබුණේ ඊයේ (07) පෙර­වරු 7.00ට පම­ණය. එම අව­ස්ථාවේ පොලි­ස් ස්ථා­නයේ සිටි නිල­ධා­රීන් පිරි­සක් සමඟ කඩි­න­මින් හස­ලක වේර­ගං­තොට පාල­ම­ හ­න්දිය ප්‍රදේ­ශ­යට පැමිණ ගඟේ ගසා­ගෙන පැමිණි පුද්ග­ලයා බේරා ගැනී­මට එම නිල­ධා­රීහු යුහු­සු­ලුව කට­යුතු කර තිබුණි.

මහි­යං­ගණ පොලි­ස් ස්ථා­නයේ ස්ථානා­ධි­ප­ති­තුමා සමඟ මාපා­ක­ඩ­වැව පොලිස් විද්‍යා­ලයේ උප පොලිස් පරී­ක්ෂක විජේ­කෝන් මහතා හා සිවිල් ආර­ක්ෂක නිල­ධාරී (027496) ජය­සිංහ, (11130) නිශාන්ත යන අය එක්ව ඇති අතර, සිවිල් ආර­ක්ෂක නිල­ධා­රීන් දෙදෙනා ගඟට පැන ගඟේ ගසා­ගෙන පැමිණි පුද්ග­ල­යාගේ දිවි බේරා­ගෙන ඇත.

ඒ මොහොතේ එම පුද්ග­ල­යාගේ සිරුරේ ඇඳුම් කිසි­වත් තිබී නොමැති අතර, ප්‍රදේ­ශ­වා­සි­යකු ලබා­දුන් ඇඳුම් අන්දවා, ඔහුට ප්‍රථ­මා­ධාර ලබා­දීම සිදු කර ඇත. පසුව එම පුද්ග­ල­යාව පොලී­සි­යට ගෙන ගොස් ඔහුට ආහා­ර­පා­නා­දි­යෙන් සත්කාර කොට ඔහුගේ ඥාතීන්ට භාර­දී­මට ද පොලිස් නිල­ධා­රීන් කට­යුතු කර තිබිණි.

පොලී­සිය එලෙස දිවි බේරාදී ඇත්තේ 02 කණුව, මොර­යාය, හස­ලක ලිපි­නයේ පදිංචි කේ. අම­ර­දාස නම් වන වයස අවු­රුදු 60ක පුද්ග­ල­ය­කු­ගේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT