ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (7) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ කරුණු වාර්තා කළේය.
එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් ඔහු වෙත යොමු කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම එම ප්‍රකාශය විකාශය වූ මාධ්‍යන්හි සංයුක්ත තැටි ලබා ගැනීමට සහ අවශ්‍ය විමර්ශන සදහා අනෙකුත් නියෝග ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකතනයක් සහ පරිගණක උපකරණ කිහිපයක් අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව පසුගියදා (02) රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙණෙවිය නියෝග කර තිබුණි.