Thursday, May 8, 2025
Home » සමාජ මාධ්‍ය යෙන් ජනපතිට අපහාස කළැයි තුසිත හල්ලොලුවට එරෙහිව පරීක්ෂණයක්

සමාජ මාධ්‍ය යෙන් ජනපතිට අපහාස කළැයි තුසිත හල්ලොලුවට එරෙහිව පරීක්ෂණයක්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

සුභා­ෂිණි සේනා­නා­යක

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකා­ශ­යක් සිදු කර ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ලැබී ඇති පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව බී වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් ඊයේ (7) කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය හමුවේ කරුණු වාර්තා කළේය.

එම ප්‍රකා­ශය මඟින් මහ­ජන සාම­යට හා ජාතික ආර­ක්ෂා­වට ගැටලු උද්ගත වන ආකා­රයේ ප්‍රකා­ශ­යක් සිදු වී ඇති බැවින් එම ප්‍රකා­ශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනා­ව­ර­ණය කර ගැනීම සඳහා, අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 109(6) වග­න්තිය ප්‍රකා­රව වූ දැන්වී­මක් ඔහු වෙත යොමු කර ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එමෙන්ම එම ප්‍රකා­ශය විකා­ශය වූ මාධ්‍යන්හි සංයුක්ත තැටි ලබා ගැනී­මට සහ අවශ්‍ය විම­ර්ශන සදහා අනෙ­කුත් නියෝග ලබා දෙන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ ඉල්ලී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය අව­සර ලබා දුන්නාය.

ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට අයත් රුපි­යල් ලක්ෂ 4කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් ජංගම දුර­ක­ත­න­යක් සහ පරි­ග­ණක උප­ක­රණ කිහි­ප­යක් අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් නීති­ඥ­ව­රුන් මාර්ග­යෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු විධා­යක අධ්‍යක්ෂ තුසිත හල්ලො­ලුව පසු­ගි­යදා (02) රුපි­යල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලි ලංකා­පුර මෙණෙ­විය නියෝග කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT