Thursday, May 8, 2025
Home » අත්අ­ඩං­ගු­වට ගත් විශ්ව­වි­ද්‍යාල සිසුන් හත් දෙනා ශරීර ඇප මත මුදා හරිති
සිසු­ව­කුට අමා­නු­ෂික ලෙස පහ­ර­දීම

අත්අ­ඩං­ගු­වට ගත් විශ්ව­වි­ද්‍යාල සිසුන් හත් දෙනා ශරීර ඇප මත මුදා හරිති

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධිත හෝමා­ගම පිටි­පන තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙ­නුම ලැබූ සිසු­ව­කුට අමා­නු­ෂික ලෙස පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් එම විශ්ව­වි­ද්‍යා­ල­යේම සිසුන් 7 දෙනකු ඇප­මත මුදා­හැ­රී­මට හෝමා­ගම මහේ­ස්ත්‍රාත් රජීන්ද්‍රා ජය­සූ­රිය මහ­ත්මිය ඊයේ (07) නියෝග කර තිබේ.

ඒ අනුව එක් සිසු­ව­කුට රුපි­යල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප­යක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සිසුන් 7 දෙනා හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී ඔවුන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය සිදු කර තිබේ.

මෙලෙස ඇප නියම වූයේ අවු­රුදු 22,23 හා 24 වය­ස්වල පසු වන කිරි­ඳි­වැල, දෙල්ගොඩ, යුද­ග­නාව, තල­පි­ටි­යා­ගම, නලං­කුට්ටි හා කුලි­යා­පි­ටිය යන ප්‍රදේ­ශ­වල පදිං­චිව සිටි සිසුන් පිරි­ස­ක­ටය.

පොලී­සි­යට ලද පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන කට­යුතු සිදු­කර හෝමා­ගම මූල­ස්ථාන පොලී­සිය මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන තිබුණි.

එම විශ්ව­වි­ද්‍යා­ලයේ තුන්වන වසරේ ඉගෙ­නුම ලැබූ මාතර වැලි­ගම ප්‍රදේ­ශයේ ශිෂ්‍ය­යෙ­කුට හෝමා­ගම පිටි­පන ප්‍රදේ­ශයේ නව­තැ­න්පො­ළක් තුළදී සැක­කාර සිසුන් පසු­ගිය දා පහ­රදී තිබුණු අතර අදාළ සිසුවා විශ්ව­වි­ද්‍යා­ලය තුළ නවක වද­යට එරෙ­හි­වීම, සවස 6න් පසු විශ්ව­වි­ද්‍යා­ලය තුළ සැරි­සැ­රීම සහ අන්වර්ථ නමක් භාවිත නොකි­රීම හේතු­වෙන් මෙලෙස පහ­රදී ඇති බවට අදාළ පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇත.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ තාක්ෂණ පීඨයේ තුන්වැනි වසරේ ඉගෙ­නුම ලබන ශිෂ්‍ය­ය­කුට සිසුන් පිරි­සක් හෙල්ම­ට්ව­ලින් හා අතින් පයින් පහ­රදී තර්ජ­නය කිරී­මක් සම්බ­න්ධව සිසුන් 6 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අප්‍රේල් මස 29 වැනි දා හෝමා­ගම පොලිස් ස්ථාන­යට ලද පැමි­ණි­ල්ලක් මත මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කළ බව අධි­ක­ර­ණ­යට දැනුම් දුන් පොලී­සිය පෙරේදා (06) දින සැක­කාර සිසුන් අත්අ­ඩං­ගු­වට ගත් බවත් ඔවුන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පැවැ­සීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන කර ඉදිරි දින අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලී­සි­යට නියම කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT