Home » මිදි­ගම රුවන් 21 වැනිදා දක්වා රිමාන්ඩ්

මිදි­ගම රුවන් 21 වැනිදා දක්වා රිමාන්ඩ්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි නාය­ක­යකු මෙන්ම ජාත්‍ය­න්තර මත්ද්‍රව්‍ය ජාල­යට සම්බන්ධ ජාවා­ර­ම්ක­රු­වකු බව පැව­සෙන ජය­සේ­කර විතා­නගේ රුවන් චාමර නොහොත් මිදි­ගම රුවන් නැමැත්තා ලබන 21 වැනිදා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය ඊයේ (07) නියෝග කළාය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ආර­ක්ෂාව යටතේ රඳවා සිටි­යදී පාතා­ලයේ ප්‍රබ­ල­යන් බව පැව­සෙන වික්‍ර­ම­රත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණ­රත්න නොහොත් කුඩු සළිදු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැන්නී­මට සැළ­සුම් කළ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රඳවා ප්‍රශ්න කළ සැක­කරු සම්බ­න්ධ­යෙන් උදෘත නීති­පති උප­දෙස් සඳහා යොමු කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිව් වන සැක­කරු වන මිදි­ගම චූටි නොහොත් ප්‍රභාත් මධු­ශංක යන අය මේ වන­තෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නැති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

සැක­කරු සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කර නඩු­වට අදාළ විස්තර ඉදිරි දින අධි­ක­ර­ණ­යට ගොනු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දුන්නාය.

සැක­කරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT