Home » මිග් යානා ගනුදෙනුව: උද­යංග වීර­තුං­ගට රට යන්න අවසර

මිග් යානා ගනුදෙනුව: උද­යංග වීර­තුං­ගට රට යන්න අවසර

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

සුභා­ෂිණි සේනා­නා­යක

ඩොලර් මිලි­යන 15ක වටි­නා­ක­මක් ඇති ප්‍රශ්න­ගත මිග් යානා 8 මිලදී ගැනී­මෙන් රජ­යට පාඩු­වක් කළ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් පවරා ඇති නඩුවේ වැඩි­දුර වාර්තා සඳහා ලබන නොවැ­ම්බර් මස 12 වැනි දක්වා යළි කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙ‍ණෙවිය ඊයේ (7) නියෝග කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා හැර ඇති හිටපු රුසි­යානු තානා­පති උද­යංග වීර­තුංග යන අය නඩුව කැඳවූ අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

සැක­කාර උද­යංග වීර­තුංග යන අය විදේශ සංචාර මෙහෙ­යවා රටට ඩොලර් ගෙන එන බවත් මින් පෙර අධි­ක­රණ අව­ස­රය මත විදේ­ශ­ග­තව ඇති බවත් කිය­මින් තාව­කා­ලි­කව විදේ­ශ­ගත වීමට අව­සර ලබා දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලී­ම­කට අව­සර ලැබිණි. ඉදිරි දින දක්වා විදේ­ශ­ගත වීමට අව­සර ලබා දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඒ බව ආග­මන විග­මන පාල­ක­ව­රයා වෙත දක්වා යවන ලෙසට රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට නියෝග කළාය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඩී.එස්. එලා­යන්ස් සහ බෙරි­මිසා හෝල්ඩින්ග්ස් සමා­ග­ම්වල අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස කට­යුතු කරන සැක­ක­රු­වන් ලෙස නම් කර ඇති දෙදෙ­නාට දැනට නිල් නිවේ­දන නිකුත් කර ඇත.

ඔවුන් දෙදෙ­නාට වරෙන්තු නිකුත් කර ඇද්ද යන්න මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් නඩුව කැඳවූ අව­ස්ථාවේ විමසා සිටි­යාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT