රාගම පොලිස් වසමේ ගණේ පාර ප්‍රදේශයේ පසුගිය දා (05) අලුයම් කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 53ක් වූ රාගම, ගණේ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා පසුගිය දා (04) රාත්‍රී කාලයේදී නිවෙසින් පිටව ගොස් ඇති අතර පසුගියදා (05) අලුයම නිවෙස ඉදිරිපිට මාර්ගයේ තුවාල සහිතව වැටී සිට ඇති බවත්, අපරාධ ස්ථානයේ තිබී කැඩී ගිය පොලු කැබලි හා යකඩ මීට සහිත වීසි කැත්තක් හමුවී ඇති බව රාගම පොලිස් ස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙම මනුෂ්‍ය ඝාතනය පහරදී සිදු කරන ලද්දක් බවත්, මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුරු විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාස පැවසීය