Home » රාගම මනුෂ්‍ය ඝාත­නය ගැන විම­ර්ශන ඇරඹේ

රාගම මනුෂ්‍ය ඝාත­නය ගැන විම­ර්ශන ඇරඹේ

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

මලිඳු තෙන්න­කෝන්

රාගම පොලිස් වසමේ ගණේ පාර ප්‍රදේ­ශයේ පසු­ගිය දා (05) අලු­යම් කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාත­න­යක් සම්බ­න්ධ­යෙන් රාගම පොලිස් ස්ථාන­යට ලද පැමි­ණි­ල්ලක් මත වැඩි­දුර විම­ර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

ඝාත­න­යට ලක් වූ පුද්ග­ලයා වයස අවු­රුදු 53ක් වූ රාගම, ගණේ පාර ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. මිය­ගිය පුද්ග­ලයා පසු­ගිය දා (04) රාත්‍රී කාල­යේදී නිවෙ­සින් පිටව ගොස් ඇති අතර පසු­ගි­යදා (05) අලු­යම නිවෙස ඉදි­රි­පිට මාර්ගයේ තුවාල සහි­තව වැටී සිට ඇති බවත්, අප­රාධ ස්ථානයේ තිබී කැඩී ගිය පොලු කැබලි හා යකඩ මීට සහිත වීසි කැත්තක් හමුවී ඇති බව රාගම පොලිස් ස්ථානය සඳ­හන් කරයි.

ඒ අනුව මෙම මනුෂ්‍ය ඝාත­නය පහ­රදී සිදු කරන ලද්දක් බවත්, මෘත ශරී­රය රාගම රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර ඇති බවත්, සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා රාගම පොලී­සිය වැඩි­දුරු විම­ර්ශන සිදු කරනු ලබන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාස පැව­සීය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT