Home » ශ්‍රී ලංකා-ඉන්දීය රජ­යන් අත්සන් කළ අව­බෝ­ධතා ගිවි­සුම බල රහිත කර­න්නැයි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක්

ශ්‍රී ලංකා-ඉන්දීය රජ­යන් අත්සන් කළ අව­බෝ­ධතා ගිවි­සුම බල රහිත කර­න්නැයි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ශ්‍රී ලංකාව රජය සහ ඉන්දීය රජය අතර මෑත­කදී අත්සන් කරන ලද අව­බෝ­ධතා ගිවි­සුම බල රහිත කරන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණ­දාස අම­ර­සේ­කර මහතා ඇතුළු පිරි­සක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඊයේ (07) මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ඉදි­රි­පත් කළහ.

මෙම අව­බෝ­ධතා ගිවි­සුමේ අඩංගු කරුණු සාමාන්‍ය ජන­තා­වට මෙතෙක් හෙළි කර නොමැති බැවින් එම­ඟින් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­ණය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත .

නීතීඥ සවිනි රාජ­ක­රුණා මෙනෙ­විය මඟින් වෛද්‍ය ගුණ­දාස අම­ර­සේ­කර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහ­ත්ව­රුන්  ගොනු කොට ඇති මෙම පෙත්සමේ වග උත්ත­ර­ක­රු­වන් ලෙස නීති­ප­ති­ව­රයා, අග­මැති හරිනි අම­ර­සූ­රිය මෙනෙ­විය , කැබි­නට් මණ්ඩ­ලය ඇතුළු පිරි­සක් නම් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් පසු­ගිය දා අත්සන් කළ බව පෙත්ස­මෙහි දැක්වේ.

එම අව­බෝ­ධතා ගිවි­සුම මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාව­යට භෞමික අඛ­ණ්ඩ­තා­ව­යට හානි සිදු වී ඇති බව පෙත්සම් කාර පාර්ශ්වය  චෝදනා කර සිටි. එම ගිවි­සුම හේතු­වෙන් ශ්‍රී ලංකාව ව්‍යව­ස්ථා­දා­යක නීතිය සහ ජාත්‍ය­න්තර නීතිය උල්ලං­ඝ­නය වී ඇති බවච පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

එබැ­වින් මෙම පෙත්සම විභා­ග­යට ගැනී­මට අව­සර ලබාදී අදාළ ගිවි­සුම මඟින් තම මූලික අයි­ති­වා­සි­කම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටිති.

ඒ වෙනු­වෙන් ලක්ෂ 20ක වන්දි මුද­ලක් ලබා­දී­මට නියෝග කරන ලෙස පෙත්ස­ම්ක­රුවෝ සිය පෙත්ස­මෙන් ඉල්ලා ඇත.

එසේම මෙම අදාළ අව­බෝ­ධතා ගිවි­සුම ක්‍රියා­ත්මක කිරීම වළ­කා­ලන අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT