ශ්‍රී ලංකාව රජය සහ ඉන්දීය රජය අතර මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
මෙම අවබෝධතා ගිවිසුමේ අඩංගු කරුණු සාමාන්‍ය ජනතාවට මෙතෙක් හෙළි කර නොමැති බැවින් එමඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත .
නීතීඥ සවිනි රාජකරුණා මෙනෙවිය මඟින් වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය , කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කළ බව පෙත්සමෙහි දැක්වේ.
එම අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට භෞමික අඛණ්ඩතාවයට හානි සිදු වී ඇති බව පෙත්සම් කාර පාර්ශ්වය චෝදනා කර සිටි. එම ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාදායක නීතිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වී ඇති බවච පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී අදාළ ගිවිසුම මඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඒ වෙනුවෙන් ලක්ෂ 20ක වන්දි මුදලක් ලබාදීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම මෙම අදාළ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත .