Thursday, May 8, 2025
Home » මාස 2ක් සැඟවී සිටි ප්‍රසන්න රණ­වීර රිමාන්ඩ්

මාස 2ක් සැඟවී සිටි ප්‍රසන්න රණ­වීර රිමාන්ඩ්

by Gayan Abeykoon
May 8, 2025 1:28 am 0 comment

මහර සමූහ ගණිඳු රෝචන සම­ර­තුංග

කිරි­බ­ත්ගොඩ නව නග­රයේ ඉදි­කි­රීම් සඳහා පව­රා­ගෙන තිබූ රුපි­යල් කෝටි දෙකක වටි­නා­ක­ම­කින් යුත් රජයේ ඉඩ­මක් කූට ලේඛන සකසා පෞද්ග­ලික අංශ­යට විකු­ණුවේ යැයි කියන සිද්ධි­යට අදා­ළව විවෘත වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණ­වීර මහතා ලබන මැයි මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහර මහේ­ස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහ­ත්මිය ඊයේ (07) නියෝග කළාය.

එම සැක­ක­රු­ගෙන් බන්ධ­නා­ගා­රය තුළදී ප්‍රකා­ශ­යක් ගැනී­මට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­කයේ විම­ර්ශන නිල­ධා­රීන්ට ඊයේ (07) අව­සර දුන්නාය.

මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙලෙස නියෝග කළේ, නීතිඥ උත්පලා බස්නා­යක මහ­ත්මිය විසින් මෝස­මක් මඟින් හිටපු අමාත්‍ය ප්‍ර‍සන්න රණ­වීර මහතා අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේ­දීය.

මෙම සිද්ධි­යට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, දෙවැනි සැක­කරු වන කැල­ණිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු උප සභා­ප­ති­ව­ර­යකු වන වෛද්‍ය ජයන්ත සිංහ­බාහු කබ්රාල්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහ­තාගේ පාර්ලි­මේන්තු කට­යුතු ලේකම් දොන් සරත් කුමාර එදි­රි­සිංහ නොහොත් සිංග­ප්පූරු සරත් සහ තරංග නවීන් වීර­කෝන් යන සිවු­දෙනා ද ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඉකුත් නඩු දින­යේදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කර තිබිණි.

මෙම සිද්ධි­යට සම්බන්ධ අධි­ක­ර­ණය මඟ­හැර සිටින අනෙක් සැක­කරු වන්නේ කැල­ණිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය­ව­ලුන්ය. එම තැනැ­ත්තාට ද අධි­ක­ර­ණ­යෙන් විවෘත වරෙන්තු නිකුත් වී ඇත.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණ­වීර මහතා වෙනු­වෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලි­යගේ මහතා ඇතුළු නීති­ඥ­වරු පිරි­සක් කරුණු ඉදි­රි­පත් කර­මින් මෙසේ පැව­සූහ.

“මෙම නඩුව ඉකුත් අප්‍රේල් මස 09 වැනි දින කැඳවූ අව­ස්ථාවේ සිය සේවා­දා­ය­කයා අධි­ක­ර­ණය දිගින් දිග­ටම මඟ­හ­රින නිසා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා. එහිදී මම මෙම අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන ලෙසට කොළඹ අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ රිට් පෙත්ස­මක් ගොනු කර තිබුණා. එහි නියෝ­ගය ඉකුත් 28 වැනි දින දුන්නා. එහිදී මෙම සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බව අපි ඉකුත් නඩු දින­යේදී සඳ­හන් කළා. ඒ අනුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණ­වීර මහතා අද දින මෙම අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර­නවා. මෙම සැක­කරු සම්බ­න්ධව අද දින ඇප ඉල්ලී­මක් කරන්නේ නැහැ. අපි ඉදි­රි­යේදී ලිඛි­තව ඇප ඉල්ලීම කිරී­මට කට­යුතු කර­නවා. මේ වන විට මෙම සැක­කරු සම්බ­න්ධව ඉකුත් 05 වැනි දින මෙම සැක­කරු දුටු තැන අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට විවෘත වරෙන්තු නිකුත් වී තියෙ­නවා. ඒ අනුව මෙම සැක­කරු සම්බ­න්ධව ඉදිරි දින සාක්ෂි සම්පි­ණ්ඩන වාර්තා­වක් දීමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­ක­යට නියම කරන ලෙසට ඉල්ලා සිටි­නවා.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, මෙම සැක­කාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණ­වීර මහතා කැල­ණිය ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ කිරි­බ­ත්ගොඩ නව නග­රයේ ඉදි­කි­රීම් සඳහා පව­රා­ගෙන තිබූ රජයේ ඉඩම, රජයේ ඉඩ­මක් බව දැන දැනම මෙහි සැලස්ම අනු­මත කර මෙහි වරි­ප­නම් අංක දී ඇති නිසා මේ වන විට මේවාට විදු­ලිය සහ නළ ජලය ලබා දී තියෙ­නවා. මේ වන විට මෙම සිද්ධිය සම්බ­න්ධව නීති­ප­ති­ව­රයා වෙත උද්ධෘත ගොනු යැවී­මෙන් අන­තු­රුව මෙහි විම­ර්ශන කට­යුතු සිදු කර නැහැ. මේ වන විට මෙම නඩුව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩු­වක්. මෙම සැක­කරු රිමාන්ඩ් කිරී­මෙන් අන­තු­රුව බන්ධ­නා­ගා­රය තුළදී ඔහු­ගෙන් ප්‍රකා­ශ­යක් ගැනී­මට බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට නියම කරන ලෙස ඉල්ලා සිටි­නවා.”

මෙහි සැක­ක­රු­වන්ගේ සාක්ෂි සම්පි­ණ්ඩන වාර්තා අධි­ක­ර­ණ­යට ලබා දෙන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියම කළාය.

ඉදි­රි­පත් වූ කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම සැක­ක­රුගේ ආර­ක්ෂාව සම්බ­න්ධව මහර බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාගේ අව­ධා­නය යොමු කිරී­මට නියම කර නඩුව කල් තැබීය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පී. විජේ­තුංග සහ එහි සැර­යන් (35077) එස්. ප්‍රියන්ත ඩෙන්සිල් යන නිල­ධා­රීහු පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT