Home » කෙහෙ­ළිය රිමාන්ඩ්
රජ­යට ලක්ෂ 80ක් පාඩු කළැයි කියන සිද්ධිය:

කෙහෙ­ළිය රිමාන්ඩ්

by Gayan Abeykoon
May 8, 2025 1:22 am 0 comment

කල්පනි අබේ­සිංහ, දෙව්නි මහ­ග­මගේ

ජන­මාධ්‍ය, සෞඛ්‍ය සහ පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී 2021/2023 කාල­යේදී පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යන් වශ­යෙන් හිත­ව­තුන් කිහි­ප­දෙ­න­කුට පත්වීම් දී ඔවුන් වෙත අමා­ත්‍යාං­ශ­යෙන් ගෙවන ලද වැටුප්, අති­කාල දීමනා තම පෞද්ග­ලික විය­දම් සහ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට යොදා ගැනී­මෙන් රජ­යට රුපි­යල් ලක්ෂ 80කට අධික මුද­ලක් පාඩු කළ බව කියන  සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනුජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (07) නියෝග කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සැක කට­යුතු ලේඛන පිළි­බඳ අංශ­යට ලද තොර­තු­ර­කට අනුව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ස­මට කරන ලද පැමි­ණි­ල්ල­කට අදා­ළව කරුණු වාර්තා කිරී­මෙන් අන­තු­රුව මෙලෙස නියෝග කෙරිණි.

ප්‍රකා­ශ­යක් දීම සඳහා ඊයේ අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගිය අව­ස්ථා­වේදී එහි නිල­ධා­රීන් විසින් සැක­කාර හිටපු අමා­ත්‍ය­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබිණි.

සැක­කාර හිටපු ඇමැ­ති­ව­රයා ජන­මාධ්‍ය, සෞඛ්‍ය හා පරි­සර අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් සිටි­යදී ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ තන­තුරු සඳහා හිත­ව­තුන්, ඥාතීන් හා දේශ­පා­ලන ආධා­ර­ක­රු­වන් පත් කර­ගෙන ඇති බව ද අල්ලස් කොමි­සමේ විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට දැන්වූහ.

එම තන­තුරු සඳහා පත් කර­ගන්නා ලද පුද්ග­ල­යන් වෙනු­වෙන් වැටුප් ගෙවිය යුතු බව පව­ස­මින් සැක­කාර පුද්ග­ලයා ජන­මාධ්‍ය, සෞඛ්‍ය හා පරි­ස­රය යන අමා­ත්‍යාංශ වැය බරින් රුපි­යල් 8,005,814.73ක මුද­ලක් එසේ වංචා­ස­හ­ග­තව ලබා­ගෙන ඇති බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට පෙන්වා දුන්හ.

2021 සහ 2023 වර්ෂ­වල ජන­මාධ්‍ය සෞඛ්‍ය සහ පරි­සර අමාත්‍ය ධුර හෙබවූ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා එම අමා­ත්‍යාං­ශ­ව­ලින් පෞද්ග­ලික පත්වීම් දෙමින් රජ­යට ලක්ෂ 80කට අධික මුදල් ප්‍රමා­ණ­යක පාඩු­වක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් බී වාර්තා තුනක් ඔස්සේ ඊයේ දින නඩු ගොනු කර තිබිණි.

සිද්ධි­යට අදාළ චෝදනා තුන වන්නේ, 2021 වර්ෂයේ ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස සිටි­යදී රුපි­යල් 2,794,133 මුද­ලක් හා 2023 -2024 වර්ෂ­වල සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී රුපි­යල් 4,665,080 මුද­ලක් මෙන්ම පරි­සර අමා­ත්‍ය­ව­රයා ලෙස සිටිදී 546,474 මුද­ලක් වංචා කර­මින් පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යන් සඳහා තම හිත­ව­තුන් කිහි­ප­දෙ­න­කුට පත්වීම් දී ඔවුන් වෙත අමා­ත්‍යාං­ශ­යෙන් ගෙවනු ලබන වැටුප් හා දීමනා තම පෞද්ග­ලික විය­දම් සඳහා මෙන්ම දේශ­පා­ලන කට­යු­තු­ව­ලට විය­දම් කිරීම සම්බ­න්ධ­වය.

සිද්ධි­යට අදා­ළව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි සහ­කාර අධ්‍යක්ෂ තුෂිතා ජය­නෙත්ති ඇතුළු විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් පවසා සිටියේ,

“ස්වාමීනි, 2021 වර්ෂයේ ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස සිටින විට තම පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යක් නාමි­කව පත් කර­ගෙන ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා, අති­කාල දීමනා මෙම සැක­කාර අමා­ත්‍ය­ව­ර­යාට පක්ෂ­පාතී පුද්ග­ල­යන් දෙදෙ­නකු ලවා පෞද්ග­ලික බැංකු­වක් වෙත බැර කර­ගෙන තම පෞද්ග­ලික කට­යුතු සහ දේශ­පා­ලන කට­යුතු සඳහා යොදා­ගෙන තිබෙ­නවා. ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ එව­කට පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ පුද්ග­ල­යන් පස්දෙ­න­කුගේ වැටුප් මෙලෙස ලබා ගත් බවට මේ වන විට ප්‍රකාශ ලබා­ගෙන තිබෙ­නවා.

“ස්වාමීනි, ඔවුන් දීලා තිබෙන ප්‍රකාශ අනුව එම නිල­ධා­රීන් එම අමා­ත්‍යාං­ශයේ කිසිදු කට­යු­ත්තක් කර නොමැති බවත් සඳ­හන් වෙනවා” යනු­වෙනි.

සැක­කාර අමා­ත්‍ය­ව­ර­යාගේ උප­දෙස් මත සුමිත් රත්නා­යක සහ යෝජිත රත්නා­යක යන පෞද්ග­ලික සේව­ක­යන් දෙදෙනා පෞද්ග­ලික ගිණු­මක් සාදා ගන්නා ලද මුදල් වෙනත් ගිණු­ම්ව­ලට සම්ප්‍රේ­ෂ­ණය වීම සඳහා කට­යුතු කර තිබෙන බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ.

සිද්ධි­යට අදාළ පෞද්ග­ලික බැංකුවේ කළ­ම­නා­ක­රු­ගෙන් ගන්නා ලද ප්‍රකාශ අනුව සැක­කාර අමා­ත්‍ය­ව­ර­යාගේ උප­දෙස් මත වංචා­ස­හ­ග­තව ගන්නා ලද එම මුදල් ස්ථාවර තැන්පතු ගිණුම් 14කට සම්ප්‍රේ­ෂ­ණය වීමට කට­යුතු කර ඇති බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට දැන්වූහ.

සිද්ධි­යට අදා­ළව කළ­ම­නා­කාර සහ­කාර පත්වීම් පහක් සහ කාර්ය සහා­යක පත්වීම් දෙකක් ලබා දෙමින් මෙම වංචාව කර ඇති බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ.

මෙම සිද්ධි­යට අදා­ළව මහ­නු­වර ප්‍රදේ­ශයේ සැක­කරු හා සම්බන්ධ ඥාතීන් හිත­වත් දේශ­පා­ලන පිරි­ස්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මට තිබෙන බවත් ඒ සඳහා ආධාර උප­දෙස් ලබා­දුන් පිරිස පිළි­බ­ඳව ද විම­ර්ශන කට­යුතු සිදු කරන බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

සැක­කාර අමා­ත්‍ය­ව­රයා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යට 15 දෙන­කු­ගෙන් යුත් පිරි­සක් පත් කර­ගෙන එහි නාමි­කව පස් දෙනකු යොදවා මෙලෙස දූෂණ විරෝධී ලෙස මුදල් වංචා කර ඇති බව විම­ර්ශන නිල­ධා­රීහු වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් කරුණු දැක්වූ අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නිල­ධා­රීන් සඳ­හන් කරනු ලැබුවේ,

“ස්වාමීනි, පත්වී­ම්ලා­භීන් එම කාලය තුළ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය තුළ කිසිදු රැකි­යා­වක් කර නැහැ. ඔවුන්ට ලැබෙන අති­කාල දීමනා ආදිය ලබා­ගෙන රජ­යට රුපි­යල් විසි­හත් ලක්ෂ­යක පමණ පාඩු­වක් සිදු කර තිබෙ­නවා. පත්වීම් දෙන අව­ස්ථා­වේදී ස්කෑන් ඕඩර් නමින් අත්ස­නක් යොදා එම මුදල් පෞද්ග­ලික ගිණුම් වෙත යැවී­මට කට­යුතු කර තිබෙ­නවා.” යනු­වෙනි.

2021 අගෝස්තු මාසයේ සිට 2023 නොවැ­ම්බර් මාසය දක්වා කාලය තුළ සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස සිටි­මින් පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යට පුද්ග­ල­යන් හත් දෙන­කුට පත්වීම් දෙමින් ඔවුන්ට ලැබෙන වැටුප් දීමනා අති­කාල දීමනා ආදිය තම පෞද්ග­ලික කට­යුතු සඳහා සහ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට යොදා­ගෙන තිබෙන බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ.

එම ගන්නා ලද මුද­ල්ව­ලින් මහ­ජන දින­යට ගෙවීම් පවා කර ඇති බවත් මෙම සිද්ධි­යට අදාළ එම අමා­ත්‍යාං­ශයේ 54 දෙන­කු­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මට තිබෙන බව ද නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ.

2023 නොවැ­ම්බර් මස සිට 2024 ජන­වාරි මස දක්වා පරි­සර අමා­ත්‍ය­ව­රයා ලෙස සිටි­මින් ඉහත සඳ­හන් කරන පරි­දිම පත්වී­ම්ලා­භීන් තිදෙ­න­කුගේ වැටුප් සහ දීමනා, අති­කාල දීමනා ගෙන රජ­යට රුපි­යල් ලක්ෂ පහ­කට අධික මුද­ලක් වංචා කර ඇති බවය.

ඔහුගේ අමා­ත්‍යාංශ කාර්ය මණ්ඩල සේව­ක­යන් සඳහා ගෙවී­මට යැයි පවසා සැක­කරු එසේ මුදල් ගෙන ඇති නමුත් එම මුදල් එම තන­තු­රු­ව­ලට පත් කර­ගන්නා ලද පුද්ග­ල­යන් වෙනු­වෙන් නොගෙවා ඔහුගේ දේශ­පා­ලන ආධා­ර­ක­රු­වන්ට, පක්ෂ කාර්යා­ලය නඩත්තු කර­න්නන්ට හා එම පක්ෂ කාර්යා­ලයේ සේව­ක­යන්ට එසේ දී වංචා­වක් කර ඇති බවට සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය වූ බව ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූහ.

සැක­ක­රුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ තන­තු­රු­ව­ලට පත් කරන ලද සේව­ක­යන් වෙනු­වෙන් ගෙවී­මට යැයි පවසා වංචා­ස­හ­ග­තව ගත් එම මුදල් ඔහුගේ දේශ­පා­ලන ආධා­ර­ක­රු­වන්ට, පක්ෂ කාර්යා­ලය නඩත්තු කර­න්නන්ට හා එහි වෙනත් සේව­ක­යන්ට ගෙවා රජ­යට අයු­තු­ස­හ­ගත හා නීති විරෝධී ලෙස පාඩු­වක් සිදු කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ද විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ.

සිද්ධි­යට අදාළ තවත් සැක­ක­රු­වන්  අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන කර­මින් පව­තින බව විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට දැන්වූය.

සැක­ක­රුට ඇප දෙන ලෙසට ඔහු වෙනු­වෙන් පෙනී­සිටි නීති­ඥ­යන් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කළ ද පැමි­ණිල්ල මෙහෙ­යවූ අල්ලස් කොමි­සමේ විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට දැක්වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කරු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කළාය.

සැක­කාර ඇමැ­ති­ව­ර­යාගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ සලකා බැලී­මට බන්ධ­නා­ගාර අධි­කා­රි­යට නියෝග කළාය.

ඡායා­රූ­පය – නිශ්ශංක විජේ­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT