Home » මාල­මුල්ල පින්ව­ලදී පුද්ග­ල­යකු වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

මාල­මුල්ල පින්ව­ලදී පුද්ග­ල­යකු වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

අයිස් මත්ද්‍ර­ව්‍යත් ළඟ තිබිලා

by Gayan Abeykoon
May 8, 2025 1:06 am 0 comment

බණ්ඩා­ර­ගම සමූහ බිමල් ජය­සිංහ

පාණ­දුර, මාල­මුල්ල පින්වල ප්‍රදේ­ශයේ දී පුද්ග­ල­යකු වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට ආධාර අනු­බල දීම සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය කියයි. සැක­ක­රු­වන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් නවී­න­තම ජංගම දුර­ක­තන දෙකක් පොලිස් භාර­යට ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා ජම්ප­ටා­වී­දිය ප්‍රදේ­ශයේ සංවි­ධා­නා­ත්මක අප­රාධ හා මත්ද්‍රව්‍ය ජාවා­රම් කරන කුඩු සෙල්විගේ කණ්ඩා­යමේ ප්‍රධා­නම පුද්ග­ල­යකු වන පළ­වෙනි රෙමෝ­ෂන් ක්ලෝරි­යන්ස් යන අයගේ හා ඩුබා­යිහි සිට මෙරට ජම්ප­ටා­වී­දිය ප්‍රදේ­ශයේ මත්ද්‍රව්‍ය ජාවා­රම් මෙහෙ­ය­වන අර­වින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවා­රම් සිදු කරන ප්‍රධා­න­තම ගෝල­යන් බවත් පොලී­සිය කියයි.

සැක­ක­රු­වන් දෙදෙනා විදේ­ශ­ය­කට පලා යෑමට අවශ්‍ය ලිපි ලේඛන  සූදා­නම් කර­ගෙන තිබූ බවට  මූලික ප්‍රශ්න කිරී­මේදී තොර­තුරු අනා­ව­ර­ණය වූ බව පොලී­සිය කියයි.

ඉකුත් 29 වැනිදා පාණ­දුර මාල­මුල්ල රණ­විරු හේමන්ත මාවත ප්‍රදේ­ශයේ මල්වර මංග­ල්‍ය­ය­කට සහ­භාගි වීමට පැමිණ සිටි විදේ­ශ­ග­තව සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවා­රම් මෙහෙ­ය­වන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන නිලංග නමැ­ත්තාගේ මස්සිනා ඝාත­නය කිරී­මට ටී 56 ගිනි­අ­වි­යෙන් වෙඩි තබන අව­ස්ථා­වේදී  වෙඩි­ක්ක­රු­වන් වෙත ගල් ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට උත්සාහ දැරූ පාණ­දුර මාල­මුල්ල පින්වල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි කසුන් හරි­ස්චන්ද්‍ර නමැති අයෙකු ජීවි­ත­ක්ෂ­යට පත් විය.

එහිදී තවත් අයකු බර­ප­තළ තුවාල ලැබීය.

නිලංග යන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රුගේ මස්සිනා දිව ගොස් දිවි බේරා­ගෙන තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ අණ දෙන නිල­ධාරී නියෝජ්‍ය පොලි­ස්පති, සමන්ත ද සිල්වා මහ­තාගේ නියෝග සහ උප­දෙස් පරිදි (අධ්‍යක්ෂ බුද්ධි විශේෂ මෙහෙ­යුම්) ඩි. පී. යූ. කොඩි­තු­වක්කු මහ­තාගේ මඟ පෙන්වීම මත සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන ඒකක (1) ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසා­නා­යක මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් කොම්ප­ඤ්ඤ­වී­දිය ජූනි­යන් පෙදෙසේ කළ වැට­ලී­ම­කදී සැක­කාර පුද්ග­ල­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් දෙදෙනා කොළඹ 10, 13 ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 21/25 අතර පසු­ව­න්නන්ය. වැඩි­දුර විම­ර්ශන සඳහා කොම්ප­ඤ්ඤ­වී­දිය පොලී­සිය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළ­කාය අණ­දෙන නිල­ධාරි නියෝජ්‍ය පොලි­ස්පති සමන්ත ද සිල්වා මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/ විශේෂ මෙහෙ­යුම්) පොලිස් අධි­කාරි ඩී.පී.යූ. කොඩි­තු­වක්කු මහ­තාගේ මඟ­පෙ­න්වීම හා අධී­ක්ෂ­ණ­යෙන් විශේෂ කාර්ය බළ­කාය සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන ඒක­කය I හි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසා­නා­යක මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වැට­ලීම කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT