පාණදුර, මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් නවීනතම ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජම්පටාවීදිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කුඩු සෙල්විගේ කණ්ඩායමේ ප්‍රධානම පුද්ගලයකු වන පළවෙනි රෙමෝෂන් ක්ලෝරියන්ස් යන අයගේ හා ඩුබායිහි සිට මෙරට ජම්පටාවීදිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අරවින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන ප්‍රධානතම ගෝලයන් බවත් පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා විදේශයකට පලා යෑමට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරගෙන තිබූ බවට මූලික ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
ඉකුත් 29 වැනිදා පාණදුර මාලමුල්ල රණවිරු හේමන්ත මාවත ප්‍රදේශයේ මල්වර මංගල්‍යයකට සහභාගි වීමට පැමිණ සිටි විදේශගතව සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නමැත්තාගේ මස්සිනා ඝාතනය කිරීමට ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබන අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙත ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරූ පාණදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ පදිංචිව සිටි කසුන් හරිස්චන්ද්‍ර නමැති අයෙකු ජීවිතක්ෂයට පත් විය.
එහිදී තවත් අයකු බරපතළ තුවාල ලැබීය.
නිලංග යන සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා දිව ගොස් දිවි බේරාගෙන තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති, සමන්ත ද සිල්වා මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි (අධ්යක්ෂ බුද්ධි විශේෂ මෙහෙයුම්) ඩි. පී. යූ. කොඩිතුවක්කු මහතාගේ මඟ පෙන්වීම මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (1) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොම්පඤ්ඤවීදිය ජූනියන් පෙදෙසේ කළ වැටලීමකදී සැකකාර පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා කොළඹ 10, 13 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21/25 අතර පසුවන්නන්ය. වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ (බුද්ධි/ විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරි ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.