Home » නි‍ෙව­සක ආර­ක්ෂා­වට යොදවා සිටි පොලිස් නිල­ධා­රියා සැකකට­යුතු වාහ­න­ය­කට වෙඩි තියලා

නි‍ෙව­සක ආර­ක්ෂා­වට යොදවා සිටි පොලිස් නිල­ධා­රියා සැකකට­යුතු වාහ­න­ය­කට වෙඩි තියලා

කිසි­ව­කුට හානි­යක් නෑ

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

අප­රා­ධ­යක වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් ආරක්ෂා කිරීමේ අධි­කා­රියේ නියෝ­ගය මත මතු­ගම ගාමිණී මාවතේ නි‍ෙව­සක ආර­ක්ෂා­වට යොදවා සිටි පොලිස් නිල­ධා­රි­යකු පෙරේදා (06) රාත්‍රී 8.15ට පමණ සැක කට­යුතු වාහ­න­යක් දෙසට වෙඩි ප්‍රහාර 05ක් එල්ල කර ඇති බවත් ඉන් කිසිම පුද්ග­ල­ය­කුට හෝ දේප­ළ­කට හානි­යක් සිදුවී නැති බවත් මතු­ගම පොලී­සිය කියයි.

මෙසේ පොලිස් ආර­ක්ෂාව යොදවා ඇත්තේ අප­රාධ වින්දි­ත­යකු වන මල්වතු කංකා­න­ම්ලාගේ අසංක ප්‍රකාශ් පෙරේරා නම් වූ අය­කුට අයත් නි‍ෙව­ස­ටය.

තමා අදාළ නි‍ෙවසේ උඩු මහලේ බැල්ක­නියේ රැඳී සිටි­මින් රාජ­කා­රියේ යෙදී සිටි­යදී කළු පැහැති ජීප් රථ­යක් මතු­ගම ඇතු­ළ­ත්මු­දලි වට­ර­වුමේ සිට ගාමිණී මාවත දෙසට ආ බවත් එය නි‍ෙවස ඉදි­රි­පි­ටදී වේගය අඩු කළ අතර, ඒ සම­ඟම වෙඩි ශබ්ද­යක් ඇසුණු බවත් පොලිස් සැර­යන් (62907) සිල්වා  කර තිබූ ප්‍රකා­ශයේ සඳ­හන් වේ. ඒ අනුව ජීප් රථ­යෙන් නි‍‍වෙසට වෙඩි තැබූ බවට සැක කර ජීප් රථය දෙසට වෙඩි තැබූ බවත් ඔහු පොලී­සි­යට කර තිබූ ප්‍රකා­ශයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ. මේ අතර ජීප් රථය පැදවූ නිහාල් ජය­සිංහ යන අය පොලී­සි­යට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ තමා පාරේ ගමන් කර­මින් සිටින විට වෙඩි තැබී­මක් සිදු වූ බවයි. ඔහු මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යට එජා­ප­යෙන් තරග කළ අපේ­ක්ෂ­ක­යකු වන අතර, ඔහු ගමන් කළ ජීප් රථය ද පොලිස් භාර­යට ගෙන ඇත.

කළු­තර කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කාවින්ද පිය­සේ­කර මහ­තාගේ උප­දෙස් මත මතු­ගම මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පරා­ක්‍රම උඩ­වත්ත මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT