Thursday, May 8, 2025
Home » කළු­වා­මෝ­දර පත්තිනි දේවා­ල­ය බිඳ පිත්තල පහන් 02ක් සහ මුදල් උස්සලා

කළු­වා­මෝ­දර පත්තිනි දේවා­ල­ය බිඳ පිත්තල පහන් 02ක් සහ මුදල් උස්සලා

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

අලු­ත්ගම, කළු­වා­මෝ­දර, ප්‍රවේණි පත්තිනි දේවා­ලය බිඳ එහි දේපොළ සොරා­ගෙන යාමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අලු­ත්ගම පොලී­සිය විම­ර්ශන පව­ත්වයි.

අලු­ත්ගම, වෙලේ පන්සල පාරේ පදිංචි දේවා­ලයේ භාර­කරු වන සමෘද්ධි සංව­ර්ධන නිල­ධාරි වෙඩි­ක්කාර සුදේෂ් දේව­ප්‍රිය ද සිල්වා (52) යන අය විසින් පොලී­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව මේ පිළි­බඳ පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

දේවා­ලයේ විදුලි පහන් දල්වන අස­ල්වැසි කාන්තා­වක වන රේණුකා යන අය කළ දැනුම් දීම මත ගොස් කළ පරී­ක්ෂා­වේදී ප්‍රධාන දොරේ අගුළු කඩා ඇතුළු වූ කිසි­යම් අයකු රුපි­යල් පනස් පන්ද­හ­සක් වටිනා කුකුළා සහිත පිත්තල පහන සහ තවත් පිත්තල පහ­නක කුකුළා සහිත කොටස ද, කත­ර­ගම හා පත්තිනි දේවා­ල­වල කැට­වල තිබූ මුදල් ද සොරා­ගෙන ගොස් තිබූ බව ඔහු පොලී­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ. අලු­ත්ගම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්.කේ. රත්න­සිං­හම් මහ­තාගේ මෙහෙ­ය­වීම මත මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT